🐱 Chapter 64 🐱

1.2K 291 51
                                    

Xiao Zhan's P.O.V

දවස් ගෙවිලා ගියේ කිසිම විශේෂයක් නැතුව.. අනිත් අයට කෙසේ වෙතත් මට විශේෂයක් නැතුව.. රූම් එකෙන් එලියට ඇවිදින පැයක් දෙකක් හැරුනම හැමදේම ඒකාකාරීයි.. කනවා බොනවා නිදාගන්නව.. ෆෝන් එක බැලුවත් අන්‍තර්ජන්ජාලේ පුරාවම හොට් නිව්ස් එක වුනේ මගේ පිහි ඇනුම.. මිනිස්සු හරියට මං ගැන දුක් වෙලා තිබ්බා..මට පිහියෙන් ඇන්න කෙනාට හෙන ඉල්ලුවා... මං වෙනුවෙන් මල් ගෙනල්ලා ඉටිපන්දම් පත්තු කරලා මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තිබ්බා.. ඒවායේ ෆෝටෝස් හැම තැනම..

කෙනෙක්ට කියන්න පුලුවන් අනේ මෙච්චර මිනිස්සු ඔහේට ආදරේ කරද්දිත්නේ කවුරුත් මට නැහැ කවුරුත් මට නැහැ කිය කිය මම වැලලෙන්න හදන්නේ කියලා..

ඒත් ඔය එලියේ ඉන්න එකෙක් දන්නේ නැහැ මම ඉන්න ගිනිගොඩේ තරම.. උන් දන්නේ නැහැ මම පිච්චෙන පිච්චිල්ල.. උන් මට ආදරේ කරන්නේ රටේ ඔටුන්න හිමි කුමාරයාගේ හරි ලස්සන හුරුබුහුටි ආදරවන්තයා විදිහට.. තැනක් තැනක් ගානේ ජොබ් හොයන් ගිහින් රස්තියාදු වුනු ෂියාඕ ජාන්ට ඔය එකෙක්වත් ආදරේ කරයිද.. නැහැ.. කීයටවත් නැහැ.. වතුර උගුරක්වත් නිකන් දෙන්නේ නැහැ...

අත්දැකීමෙන්මයි කියන්නේ...

ඇරත් හිතට ලග එකෙක් නැතුව වටේ සීයක් සෙනග හිටියත් මොකද.. මට ඕවා නිකන්ම නිකන් ෆෝටෝ විතරයි..

ජුන්ගේ බර්ත්ඩේ එකට තිබුනේ තව එක දවසයි..ඒ කියන්නේ හෙට..

පිහි ඇනුමත් එක්ක එයාට ගත්ත තෑග්ගත් මට අතහැරෙනකොට දැන් මා ලග එයාට දෙන්න උපන්දින තෑග්ගක් තිබ්බේ නැහැ.. ආයේ එලියට යනව කියන එකත් වෙන වැඩක් නොවෙනකොට මම ආයේ වතාවක් අර මාර්ගෙන්ම දක්ෂිණ මාලිගාවට රිංගුව...

එදා වගේ අද මම දක්ෂිණ මාලිගාවට ආවේ ජුන්ව හොයාගෙන නෙමෙයි..ජුන්ගේ උපන්දිනේට තෑග්ගක් දෙන්න.. ඇත්තම කිව්වොත් තෑග්ග විදිහට කේක් එකක් දෙන්න..

හෙට උපන්දිනේ කියන්නේ අද රෑ දොලහට සුවර් එකට ඉයුන් කේක් ගෙඩියකුත් උස්සන් ගිහින් බදාගෙන විශ් කරයි.. හෙටත් පාටිය නිසා කවුරුත් නන්‍යැන් මාලිගාවේ රැදෙන එකක් නැහැ.. මටත් යන්න වෙයි.. රෑට පාටියේදි එයාව හම්බුනත් මම හදපු කේක් එකක් එයාට දෙන්න වෙන්නේ නැහැ.. මගේ චූටි කේක් එක වෙනුවට තට්ටු තුන හතරක ලොකු කේක් එකක් එයා වෙනුවෙන් හෙට හදල තියේවි.. ඒකයි.. අද හවසටත් මම හැදුවා කියලා නොකියා හවසට ටී ටයිම් එකට කේක් එකක් හදලා යවන්න හිතුවේ..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Donde viven las historias. Descúbrelo ahora