ජංකුක් නම්ජුන් යුංගි වගේ ම ජැක්සන් එක්ක ටේත් ජිමිනුත් හිටියෙ යුනි එකේ ලොකු ගහක් යට හදල තිබුන ටේබල් එකක් වටේ තිබුන බෙන්ච්වල වාඩි වෙලා. හැමෝම තනි තනියෙන් ඉදං ඉද්දි ටේ විතරක් ජංකුක්ගෙ උකුලෙ ඉදගෙන ජංකුක්ගෙ බෙල්ල බදාගෙන හිටියෙ ඇස් දෙකත් පියාගෙන. ජංකුක්ගෙ ලොකු අත් තමන්ට වඩා වැඩිමල් වුනත් තමන්ට වඩා ඇගෙන් චූටි වගේ ම හුරතල් ටේ වටා එතිලා තිබුනෙ ආරක්ශිත විදිහට.
අනිත් පස්දෙනා මේ වෙලිලා ඉන්න කපල් එක දිහා බලං හිටියෙ කම්මුල්වල අතුත් ගහගෙන.
" දැං මට කියපං කවද්ද තොපි දෙන්නා පෙම් කෙලින්න ගත්තෙ..... "
" කුක්.... පරයා තෝ අපිටවත් කිව්වෙ නැ.... "
යුංගි පුටුවෙන් ඉස්සරහට වෙන ගමන් අහද්දි ජැක්සනුත් ඒකට හූමිටි තිබ්බෙ ජංකුක් ටේ දෙන්නා ආදරෙ කරනවා කියලා හිතාගෙන.
" කව්ද පෙම් කෙලින්න ගත්තෙ.... "
තමන්ගෙ අත් අතර සැප නින්දක ඉන්න ටේගෙ මූණට වැටුන කොණ්ඩ කැල්ලක් කන පිටුපසින් රදවන ගමන් ජංකුක් කතා කළා.
" ඈ යකො දැං අතන කිස් කරෙයි.... දැං මෙතන වෙලිලා ඉන්නෙ අපිද පරයො.... "
" මේ කුක් කියහංකො බං... ඔලුව කචල් වෙනවා... "
නම්ජුනුත් මැද්දෙන් පැන්නෙ තමන්ගෙ කොණ්ඩෙත් අත් දෙකෙන් ම අවුල් කරගන්න ගමන්.
" උබලා විස්වාස කරයිද බං මාව..... "
ජංකුක් ඈත බලාගෙන වචන ගලපන්න පටන් ගත්තෙ එයාගෙ යාලුවො තමන්ව විශ්වාස කරයිද කියන සැකෙත් එක්ක.
ටේ ජංකුක් දෙන්නා එකට හිටියත් ඒ දෙන්නා විතරයි දන්නෙ ඒ දෙන්නට දෙන්නා ආදරෙ කරනවද නැද්ද කියලා. ටේත් ජංකුක් තමන්ට ආදරෙ කියලා නොකිය තිබුනත් ටේ ජංකුක්ගෙ හිතේ තමන් ගැන තියන අමුතු හැගීම ආදරෙ විදිහට තේරුම් අරගෙන තිබුනා. ඒ නිසයි ටේ ජංකුක් අස්සෙ ඉන්න එච්චර ම ආස. ජංකුක්ත් ටේගෙ කටින් දැන නොගත්තත් එයා දන්නවා ටේ තමන්ට ආදරෙයි කියන්න. ඒකයි තමන්ගෙ තුරුලෙම ටේව සනසන්න ඒ හිත මහ ගොඩක් ආස.
" විස්වාස කරන්නත් කියපංකො.... "
" හ්ම්ම්.... "
ජංකුක් ලොකු හුස්මක් අරගෙන පිට කරන ගමන් යුංගි දිහා බැලුවා.
" එයා මටවත් මට එයාවත් තාම කැමති කියලවත් නැ බං...."
" මොකක්.... "
ජංකුක් දිහා බලං හිටිය හතර දෙනා ම එක පාර හේත්තු වෙලා ඉන්න පුටුවලින් ඉස්සරහට වුනේ ජංකුක් කිව්ව දේට ශොක් වෙන ගමන්.
" හ්ම්ම්ම්.... ඒක තමා මං කිව්වෙ උබල විස්වාස කරන එකක් නැ කියලා..... "
දෙන්නට දෙන්නා ආදරෙයි නොකිය කොහොමද එහෙම ඉන්නෙ.....නම්ජුන්ගෙ ලොකු ප්රශ්නෙ, මුන් දෙන්නා අරකත් කරලද දන්නැ... යුංගිගෙ ප්රශ්නෙ, ටේ සිරාවට ම කැමැත්තෙන් ද ඉන්නෙ..... ජැකියගෙ ප්රශ්නෙ, මූ ටේට බලහත්කාරකමක්වත් කලාද.... ජිමිනගෙ ප්රශ්නෙ....
හතර දෙනා ම එකිනෙකාගෙ මූණවල් බලගත්තෙ හිතාගන්න බැරුව වගේ.
" සිරාවට උබලා දෙන්නා ඔහොම ඉන්නෙ කොහොමද බං....."
" ඇයි මේ දැනුත් ඉන්නෙ...."
ජංකුක් කිව්වෙ ටේගෙ වශී වෙන සුලු ලස්සන දිහා බලාගෙන. ජංකුක් ටේ දිහා බලාගෙන ඉද්දි ටේ ටික ටික තමන්ගෙ වහගෙන හිටිය ඇස් ඇරියෙ ජංකුක් දිහා බලාගෙන.
" ටේ මැණික "
" කූ.... මං ගොඩක් වෙලා නිදාගත්තද..... "
" ම්හු..... චුට්ටයි.... "
" ඔයාගෙ අත් දෙක රිදෙනවද... "
" නැ මැණික "
" මාව කිස් කරන්නකො.... "
ටේ ඔවුන් දිහා තවත් ඇස් අටක් යොමු වෙලා තියන වග නොදැන ජංකුක්ගෙ ගෙල වටේ අත් යවද්දි ලැජ්ජාව ගෑවිලාවත් නැති ජංකුක් ටේව තවත් තමන්ට තද කරගන්න ගමන් ඒ රෝස් තොල් ලගට තමන්ගෙ රලු තොල් ලං කලා.
වැඩිහිටියන්ට පමණක් වුන මේ දර්ශනේ දර්ශනය වෙන්න නූලක පරතරයක් තියෙද්දි යුංගි මැද්දෙන් බාල්දියක් දැම්මෙ ටේකුක් ජෝඩුව මේ ලෝකෙට ගන්න ගමන්.
" හරි මට තේරුනා අපි දැං යං... "
" එලම යං... "
" තේරුනා පුතේ... "
" හොදට ම කරලා තියෙන්නෙ කුක්..... "