🐱 Chapter 65 🐱

1.2K 305 82
                                    

Xiao Zhan's P.O.V

" බෝ..බෝ..බලන්න..ජා..න්..මට කරපු..දේ..මගේ..මුලු..ඇග..ම පිලිගදයිනේ.."

කොරේ පිටට මරේ වගේ සති තුනක් ඇහට නොදැක්ක මිනිහත් කිචන් එකට කොහෙදෝ ඉදන් පාත් වුනාම ඉයුන් අඩාගෙන ගිහින් එයාගේ ඇගේ එල්ලුනා.. මට අයිති දේකට වෙන එකෙක් අල්ලනවා දකිනකොට අර ඉදිකටු අනිනවා වගේ හැගීම මගේ පපුවට ආයේ දැනෙන්න ගත්තා..

සති තුනක් තිස්සේ දකින්න පෙරුම් පිරුව රූපේ ඇස් ඉස්සරහ ඉන්නව..හැබැයි වැරදි වෙලාවක වැරදි තැනක.. එයා ඔහොමමයි..මගේ ජිවිතේට එන්නෙම වැරදි වෙලාවක වැරදි තැනකදි..

අන්තිමට දකිනකොට ඇස් වල කදුලු පුරවන් මට ආදරෙයි කියලා කෑගැහුව ජුන් නෙමෙයි මෙතන හිටියේ.. මෙතන හිටියේ රාජකීය පරම්පරාවේ මීලග උරුමක් කාරයා වුන වන්ග් යිබෝ මිසක් මට හොරෙන් ආදරේ කරපු ජුන් නෙමෙයි .. ඒ මුහුනේ හිනාවක් ගෑවිලාවත් නැහැ.. ඇස් වලින්වත් හැගීමක් එලියට නොයන්න පරිස්සම් වුන එයා හිටියේ ගල් පිලිමේ වගේ.. තේජාන්විත ඒ වගේම දරදඩු ගල් පිලිමයක් වගේ..

ලියාන්ගේ මුහුනේ ඉදන් වැක්කෙරෙන බිත්තර සාරු දිහා ඇස් කොනෙන් බලපු එයා මගේ දිහා බැලුවා..අර දරදඩු බැල්මෙන්මයි.. හරියට මාව මීට කලින් දැකලා නැති එකෙක් වගේ..  ඒ බැල්ම දැක්ම වැරැද්දක් නොකලත් හිතට බයක් දැනෙනව..

එයාගේ බැල්ම කොච්චර දරදඩු වුනත්  මමත් එක එල්ලේ එයා ඇස් දිහා බලන් හිටියේ හිතේ තිබ්බ තිගැස්ම පිටට නොපෙන්ව..

' මොකටද මම බය වෙන්නේ.. මම වැරැද්දක් කරලා නැහැ නේ... '

මම එයාගෙන් ඇස් මුදවගෙන ඊලගට අරන් ආවේ බිමට වැටිලා සී සී කඩ වෙලා තියෙන කේක් එක ගාවට වෙනකොට මම පෙන්නපු දිහා එයාගේ ඇසුත් එනවා මම දැක්කා.. ඉයුන්ගේ මුහුනට බිත්තර ගැහුව හේතුව මම නොකියා එයාට කිව්ව..

" ජා..න්..මේ..මිනි..ස්සු..ඉස්සරහම මට..ගැහුව..බෝ..බල..න්න..ම..ට ලැජ්ජ කෙරුව.. "

" ජාන්ද ඉයුන්ගේ මුහුනට බිත්තර හැලුවේ.. ?"

එයා කටහඩේ කලබලයකුත් නැහැ කේන්තියකුත් නැහැ හැබැයි තදයි.. ඒ කටහඩ ඇහුනම ඕන එකෙක්ගේ කකුල් වෙව්ලන්න ගන්නව.. 

Black Cat ( YIZHAN FF ) ✔️✔️Donde viven las historias. Descúbrelo ahora