"ටේ.. යන ගමන් ලිලී මල් ටිකකුයි ඉටිපන්දම් ටිකකුයි ගන්න මතක් කරන්න.."
"හ්ම්ම් තවත් පරක්කු නොවී ඉක්මනට යමු හ්යොං.. හවස් වෙන්න කලින් සොහොනට යන්න ඕනෙනෙ..."
"හරි.. එහෙනම් අපි යනවා කූ.. එහෙමෙහෙ දඟලන්නෙ නැතුව හොබිත්තෙක්ක පරිස්සමින් ඉන්න... අපි ඉක්මනටම එනවා.."
මගෙ ඔලුව අතගාලා හොබීව පපුවට තුරුල් කරන් නළල මැද්ද ඉඹපු යුන්ගි හ්යොං ටේ හ්යොංවුයි ජින් හ්යොංවුයි එක්ක ඉක්මනටම යන්න ගියා.. උදේ ඉදම්ම මහ කලබලයක් තිබුනු ගෙදර එයාලා ගිය ගමන් හොඳටම සන්සුන් පාට වුණා..
මේ ගෙදර ඒ සුවඳ මැකෙන්න ඇරන් දැන් මාස තුනක්.. එයාව නොදැක ඒ පහස නොවිද ඒ ආදරේ අංශුවක්වත් නොලැබෙන්න ඇරන් අදට මාස තුනක්. එදා අනතුර උනත් හරි එයා මේ මාස තුනම හිටියෙ හොස්පිට්ල් එකේ... අදයි එයාව ඩිස්චාජ් කරන්නෙ.. ගෙදර එන්න කලින් එයාට ඔම්මලාව බලන්න යන්න ඕනෙ වෙලා තිබුනා... ඉතිං කට්ටිය උදේම හදිස්සියෙන් ගියේ ඒකයි..
එදා ඒ දේ උනත් හරි අද මේ වෙනකල්ම ගෙවුනෙ මහ මූසල නපුරු දවස්.. පිහි ඇනුමෙන් එයාගෙ සුෂුම්නාව ලඟට යනකල්ම ඩැමේජ් වෙලා තිබුනා..
''ටිකක් කල් යනකල් ඇවිදින්න බැරිවෙයි.. අපි උත්සාහ කරමු...''
ඩොක්ටර්ස්ලා කිව්වෙ එහෙමයි. එක විනාඩියක් එක විදිහකට නොඉද දුවලා පැනලා දඟලලා හිටපු එයා බිමට අඩියක් තියාගන්න බැරුව වේදනාවෙන් ඇකිලුණු මූණක් එක්ක ඔහේ හොස්පිට්ල් එකක ඇදකට කොටුවෙලා මාස තුනක් ගෙව්වා...
ඒ උනුහුම ඒ ආදරේ ඒ සැනසීම නැතුව කෙල්ලයි මායි ගෙදරට වෙලා නොවිදිනා දුක් වින්දා... අනේ මූණ චුට්ටක් දකින්නවත් ගෙදරින් එළියට බැහැගන්න බැරිවෙනකොට මාස හය හමාරක දරුවෙක් බඩේ තියාගෙන ඔයාගෙ හුස්මක සුවඳක්වත් නැතුව මේ ගෙවිච්ච හැම තප්පරයක් ගානෙම මං පපුව පුච්චගත්තා වස්තුවේ...
මේ දේ කලේ අප්පගෙ මිනිස්සු වෙන්න ඇති කියන සැකේ හැම තිස්සෙම ඔලුව පුරා ඔඩුදිව්වත් මට කරකියාගන්න දෙයක් තිබුනෙ නෑ...
ඒ නැතත් මිනීමරුවා කිය කිය එදා එයාට බැනලා ඔලුව අවුල් කරලා දැම්මෙ මං වෙච්චිකොට මට අප්පගෙ පැත්තට හැමදේම බැරකරලා අත පිහදගන්න තරම් හයියක් තිබුනෙත් නෑ.. එයා දුර්වලයෙක් නෙවෙයි.

YOU ARE READING
Love Me Like You Do || Complete || ✅
Romance"My love for you is past the mind, beyond my heart, and into my soul."