1 - Who are you?

158 24 15
                                    


"කවුද ඔයා!? මොකද මෙහෙ කරන්නෙ? කොහෙන්ද අාවේ? කවුද ඔයාව මෙහෙට ගෙනාවේ? මොන පැක් එකේ කෙනෙක්ද? අපි කියන එ්වා ඔයාට අැහෙනවද?"

කළු කබායක් දාගෙන හිටපු ගෑණු කෙනා එහෙම අහද්දි තණකොළ බිස්සෙ ගුලි වෙලා හිටපු ගෑණු ළමයා තවත් වකුටු වුනා.

"ම්හ්ම්..."

"අපි මෙයාව පැක් හව්ස් එකට අරන් යමු. දැන් කළුවර වේගෙන නෙ එන්නෙ..."

සීතලෙන් ගැහෙන එ් අැස් පියවෙන්න කලින් ගොරහැඬි කටහඬක් එහෙම කියනවා අැහුනෙ එයාගෙ ලඟින්මයි. එ්ත් ඊට පස්සෙ වුනු දේවල් එයාට දකින්නවත් අහන්නවත් ලැබුනෙ නැත්තෙ කාන්සියෙනුයි බඩගින්නෙනුයි හෙම්බත් වෙලා වුන්නු එයාගෙ පියවි සිහිය ශරීරයෙන් ගිලිහිලාම ගිය නිසා.

"ඔන්න එයා නැගිටින්න හදන්නෙ.. කලබලයක් කරොත් ඉක්මනට ඔය සිරින්ජර් එක ඉන්ජෙක්ට් කරන්න.."

සීතලට තද වෙලා තිබුනු අැහිපිහාටු වෙන් වෙලා බොඳ වුනු ඡායාවක් එක්ක වටෙන් පිටෙන් අැහෙන කටහඬවල් වලට සවන් දුන්නු එයා ඔළුව අැල කරනවත් එක්කම බෙල්ලෙන් සියුම් වේදනාවක් අාවෙ අායෙමත් පියවි සිහිය හෝරා කීපයකටම පිටවෙලා යද්දි.

"මෝඩයා.. මං කිව්වෙ කලබලයක් කරොත් විදින්න කියලා. අැඟ පොඩ්ඩක් හෙලවුනෝතින් නෙවෙයි.."

අැඟට අැතුල් වුනු බෙහෙත් වල සැරට අැස් අැරගන්න බැරි වුනත් වටින් පිටින් කටහඬවල් අැහෙන එක එ්කට නතර කරන්න බැරි වුනා..

"ම්හ්ක්-කොහෙද මේ?"

හෝරා කීපයකට පස්සෙ තද නින්දක හිටපු එයා අවදි වුනා. එ්ත් එ් අැස්වලට කිසිම ජීවී දෙයක් අහුවුනේ නම් නෑ.

කාමරේටම කියලා තිබුනු පොළව මට්ටමේ ඉඳන් මීටර් තුනහමාරක් විතර උසට හදලා තිබුනු ජනේලෙන්, මුළු කාමරේම එළිය වෙන තරම් ඉර එළිය වැටිලා තිබුනා. එයාගෙ පුංචි මොලේට තේරුණා දැන් දවල් එකොළහට විතර අැති කියලත්.

"අාව්.."

අමාරුවෙන් අැඳෙන් නැගිටපු එයා දකුණු අත අල්ලගෙන අායෙ වාඩි වුනේ අතට ගහලා තිබුනු සේලයින් බටේ ගැලවුනු නිසා. අැඟට විසි වුනු ලේ බිංඳු දිහා බලද්දි එයාට තේරුණා එයා තාමත් අැඳගෙන ඉන්නෙ කලින් දවසෙ අැඳගෙන හිටපු කුණු පාට ගවුම කියලත්..

එයාට සේලයින් දීලා, එ් වගේම එයාගෙ අත් පා වල තිබුනු පුංචි පුංචි සීරීම් තුවාල වලට බෙහෙත් දාලා. එ් ඕනවටත් වැඩී කියලයි එයාට හිතුනෙ.

"ඩැඩීඊ... අයි මිස්ඩ් යූ සෝ මච්.."

එයාට දොර එහා පැත්තෙන් අැහුනෙ සියුමැලි ගැහැණු කටහඬක්.. තව යකඩ එකට ගැටෙන සද්දෙකුත් අැහුනා. හරියට නිකන් යතුරු කැරැල්ලක් හෙලවෙනකොට එන සිලි සිලි සද්දෙ වගේ එකක්.

"යූ නීඩ් ටු ෆෝකස් ඕන් බේබ්.. ලෙට්ස් සී හූ ද හෙල් දැට් වුමන් ඊස්.."

ඊගාවට අැහුනෙ ගැඹුරු එ්ත් පැහැදිලි පිරිමි කටහඬක්. දොර එහා පැත්තෙ කවුරු හිටියත් එයාට දැන් හොඳටම ශුවර් මේ දෙන්නා හදන්නෙ කාමරේ දොර අරින්න කියලා.

"ඕහ්.. එයා අැහැරලා.. ම්ම්.."

දොර පියන් අැරගෙන කාමරේට අාවෙ පිරිමි කෙනෙක් එක්ක ගෑණු උදවිය දෙන්නෙක්. එ්ත් එක්කම වගේ එයාව අැඳෙන් නැගිට්ටුනා.

"මේ ඉන්නෙ අපිට ඊයෙ සිම්බාගෙ දකුණු කකුළ පාමුළදි හම්බවුනු ගෑණු ළමයා අැල්ෆා.."

සියුමැලි කටහඬේ අයිතිකාරි එහෙම කිව්වෙ කලින් වගේ සුකෝමල විදියට නම් නෙවෙයි. එ් කටහඬේ තිබුනෙ නායිකාවකට ගැලපෙන ගාම්භීර බවක්.

"ඔයා කවුද?"

එයාගෙ අැස් දිහා කෙලින් බලපු පිරිමි කෙනා එ් විධියට අහද්දි එයාගෙ කොඳු නාරටිය සීතල වේගෙන අාවා.

"ම්-මම? අහ්- මම ස්-සෝහා"

එ් කෝපි පාට අැස් දිහා කෙලින් බලන්න පුළුවන් කමක් නොතිබුනු එයා බිම බලාගෙන වෙව්ලන හඬකින් උත්තර දුන්නා.

"ඔයා කොහෙ කෙනෙක්ද? ඔයා අපේ සීමාවට අැතුල් වුනේ කොහොමද? ඔයාගෙ අනන්‍යතාවය මොකද්ද?
.
.
.
.
ඔයා කවුද?"

"So much to say, yet
no words would
ever be enough"

-Vicki Pettersson
_________________________

You've reached the end of published parts.

⏰ Last updated: Jan 15, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Being The Other WomanWhere stories live. Discover now