Chapter 09

1K 212 49
                                        

happy ending !!! 😪👍❤️
කට්ටිය අපි තව ඉස්සරහට යමු. Im really sorry!

~

ටේයොන් එතනින් එහෙම්ම යනකොට සිහියත් නොසිහියත් අතර හිටපු ජන්කුක්ව නම්ජූන් ගෙදර ගෙනල්ලා ඇරලුවා. ජන්කුක් නම්ජූන් එක්ක කතා කරේ නෑ වගේම නම්ජූන්ට ඉස්සරහා වෙන ගොඩක් දේවල් වලට උත්තර ලැබුනා.

ජන්කුක් ගේ ඇතුළට අඩිය තියන්න කලින් ගැරෙජ් එක දිහා බැලුවා. ගැරේජ් එකේ තිබ්බ විදිහටම තිබ්බ ටේයොන්ගේ බයික් එක දැක්කම ජන්කුක්ගේ ඇස් වලට කදුලු ඉනුවා. එයා එයාගේ සිතුවිලි හැගීම් ඔක්කොම තද කරගෙන ලොකු හුස්මක් පිටකරා.

ජන්කුක් හෙමින් ගේ ඇතුළට යනකොටම එකපාරට කවුරුහරි එයාව අතින් ඇදලා බිත්තියට හේත්තු කරාම ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහුනා. එයා වේගෙන් හුස්ම ගන්න ගමන් ඇස් අරින්න උත්සාහ කරත් එයාගේ මුලු ඇගම පණ නැතිවෙලා වගේ එයාට දැනුනේ.

'හ්‍යුන්~'
ටේයොන්ගේ තවත් ගැඹුරු වෙලා කටහඩ කන ගාවින්ම ඇහුනම ජන්කුක් එයාගේ ඇස් හෙමින් ඇරියා. ජන්කුක්ගේ වේගවත් හුස්ම ටිකක් සාමාන්‍ය උනාම එයාට දැනුනා ටේයොන් ලගින් ආපු සැර සුවද?

'ඔයා බීලද ඉන්නේ ආහ්?'
ජන්කුක් ඇහුවම ටේයොන් පිස්සුවෙන් වගේ හිනාවුනා. ජන්කුක් ටේයොන්ගේ ලගට තව ටිකක් ලං වුනාම සැර ඩ්‍රින්ක් එකක් වගේම සිගරට් ගදක් ආවම ජන්කුක් නහය අකුලගත්තා.

'ටේ!!!'
ජන්කුක් කෑගැහුවම එයා දිහාම බලාගෙන ඉන්න ටේයොන් ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා.

'ම්ම්ම් කියන්න ඒන්ජල්~'
ටේයොන් ජන්කුක්ගේ මූනට වැටුන කොන්ඩ කැරැල්ලක් පස්සට කරාම ටේයොන්ගේ ගොරෝසු අතේ පහස එක්ක එයාට ඇස් නිකන්ම පියවුනා.

'ඔයා හොද සිහියෙන් නෙවෙයි!'
ජන්කුක් හෙමින් මිමිනුවම ටේයොන් හිනාවෙලා ජන්කුක්ගේ චබී කම්මුලක් පිරිමැදලා එයාගේ තොල් කම්මුල් වලට ලං කරලා තොල් වලින් හපලා සක් කරාම ජන්කුක් ටේයොන්ගේ සුදු ශර්ට් එක අතට ගුලි කරගෙන ඇස් තද කරලා පියාගත්තේ ඇස් කොනින් කදුලක් ඔහේ ගලාගෙන යද්දී..

'ඔයාට මතකද මන් කිව්වා හ්‍යුන්? කවදහරි මම මුලින්ම ඔයාව හම්බුනාම ඔයාගේ මේ කම්මුල් හපලා හපලා දානවා කියලා...'
ටේයොන් ජන්කුක්ගේ කම්මුල් වල නහය ගාවන ගමන් කිව්වම ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැටුනා.

BOYFRIEND HYUNG | V.k | discontinued Where stories live. Discover now