💜 අප්පා. මට ටිකක් අප්පා එක්ක කතා කරන්න ඕන අප්පා
හැන්දෑවේ උද්‍යානයේ බංකුවක වාඩි වෙලා ඉර බහින දිහා බලාගෙන හිටිය අධිරජතුමා ලගට ඇවිල්ල කුමාරයා ඇහුවා💙ආ එන්න පුතේ ඉද ගන්න ගොඩ කාලෙකට පස්සේ පුතාටයී මටයි තනියම කතා කරන්න අවස්ථාවක් ලැබුනේ. ඉතින් පුතේ කියන්නකෝ බලන්න
අධිරජතුමා කුමාරයා එයා ලග ඉන්නදවගන්න ගමන් ඇහුවා
💜චූටී ප්‍රශ්නයක් අප්පා
💙කියන්න පුතේ මොකක්ද ප්‍රශ්නේ
💜අප්පා මම ඔය දෙන්නගෙම දරුවෙක්ද අප්පා
ජන්ග්කුක් ඇහුවේ අධිරජතුමාගේ ඇස් දෙක දිහාම බලාගෙන💙මොකක්ද පුතේ ඒ ඇහුවේ.
ඔයා අපේ පුතෙක්. ඇයි පුතේ එකපාරටම ඔහොම ඇහුවේඅධිරජතුමා ඇහුවේ ටිකක් විතර දුකින්
💜නෑ අප්පා. ලීනෝ කුමාරයා කිව්ව කතාවක් නිසා ටිකක් විතර හිතට හරි නෑ අප්පා ඒකයි සමාවෙන්න හිත රිදුනා නම්
ජන්ග්කුක් කිව්වේ බිම බලාගෙන
💙නෑ පුතේ පුතා ඕවා ගැන හිතන්න එපා දැන් යන්න ගිහිල්ල හොදට ස්නානය කරලා නිදා ගන්න. හෙට උදේට ඊට පස්සේ ටිකක් මුහුද පැත්තට ගිහිල්ල එන්න. හොදද ඔයා ආසම තැනනේ නේද හ්ම්
💜හොදමයි අප්පා. අවසරයි
ජන්ග්කුක් එතනින් නැගිටලා රජතුමාට ආචාර කරලා මාලිගාවේ එයාගේ කුටියට ගියා
💕රජතුමනි ගැටලුවක්ද
අධිරැජින ඇහුවේ අධිරජතුමා ලගට එන ගමන්
💙බිසවුනි, මට බයයි අපේ පුතා ඇත්ත දැන ගනී කියලා
අධිරජතුමා කිව්වේ ලග තිබ්බ රෝස මලක් අතට අරගෙන
YOU ARE READING
The Ocean of love 🔞🐰🐻🧜🤴(Taekook/Onhold/top Jungkook)
Hayran Kurguආදරය ලග අනිත් හැම දෙයක්ම නිකන් දූවිල්ලක් විතරයි. ආදරය කරන්න දන්න කෙනෙක් හම්බ උනාම ඒ ආදරේ තවත් ලස්සනයි. ඉතින් මේ දිය කිදුරෙක් එක්ක ආදරෙන් බැදුන රාජ කුමාරයෙක් ගේ ප්‍රේම වෘතාන්තය The Ocean of love 🔞⚠️This contains 18+ parts. so if you feel uncomfort...