Xiao Zhan's P.O.V
දෙවනි වතාවට ඩ්‍රෙස් එක චෙන්ජ් කරලා මම පහලට ආවේ එයත් එක්කම.. අර පඩිපෙළ දිගේ එයාගේ අතක් පටලවගෙන.. ඒත් මගේ මුහුනේ හිනාවක් තිබ්බේ නැහැ... මගේ ඔලුවේ වැඩ කලේ ජුන්ව දාලා යන්න වෙනව කිව්ව දේ..
මම පොඩි කාලේ ඉදන් ඉගෙනගන්න ගොඩක් ආස කෙරුවා..අලුත් අකුරු ඉගෙනගන්න..ඒ අකුරු එකතු කරලා වචන කිවන්න.. වචනවලින් පිරුන පොත් ගොඩක් කියවන්න මට තිබුනේ පිස්සුවක්.. පිපාසයක්.. ඒත් මම ඉගෙන ගන්න කොච්චර ආස වුනත් කවදාවත් මම ඉස්කෝලේ කියන තැනට පොඩ්ඩක්වත් ආස කෙරුවේ නැහැ... ඉස්කෝලේ හරියට මට නරක හීනයක් වගේ.. යාලුවෝ ඇති කරගන්න ඒ අය එක්ක සෙල්ලම් කරන්න කැමත්ත තිබුනට උන් කලේ මාව විහිලුවට ගත්ත එක.. උන්ගේ වැරදි මගේ පිට දාපු එක.. බිම දාගෙන මට ගහපු එක.. උන් මට ඉගෙනීමත් එපා කලා..
නන්‍යැන් මාලිගාවත් මට ඉස්කොලේ වගේ තැනක්.. ජුන්ට මම කොයිතරම් ආදරේ වුනත් උන් මට හැමදේම එපා කරවනව..
අපි පහලට ආවත් එක්කම මියුසික් පටන්ගන්නකොට එයා එක අතක් පිටි පස්සට බැදගෙන අනිත් අත මට දික් කලේ ඩාන්ස් කරන්න මට ආරාධනා කරන්න..
එයා හරියට ඩිස්නි ප්‍රින්ස් කෙනෙක්ට පණ ඇවිත් වගේ.. හොදටම ලං වෙලා බැලුවත් එයාගේ මෙන්න මේක කැතයි කියලා හොයාගන්න බැරි තරම්.. ඇත්තටම මේ මනුස්සයා වටින්නෙම කුමාරයෙක් වෙන්න..
මම එයාට අත දෙනකොට මේ වතාවේ එයා මගේ අත අල්ලගත්තේ මගේ පිට අල්ලට පොඩි හාදුවක් දෙන ගමන්..
හරි මැද එල්ලලා තිබුන Crystal Chandelier එක යටට මාව එක්කගෙන ආව එයාගේ අත මගේ ඉන වටේ පැටලෙනකොට මගේ අත එයාගේ උරහිසකට ගිය..
පාටි එකේ හිටිය හැමෝගෙම ඇස් අපේ දිහාවට යොමු වෙලා තියෙන්නේ කියලා මට නොබල වුනත් කියන්න පුලුවන් වෙද්දි අපි දෙන්නා මියුසික් එකේ තාලේට හිමිට අඩි අල්ලන්න ගත්ත..
කොල්ලෙක්ට කෙල්ලෙක් එක්ක මේ වගේ තැනක ඩාන්ස් කරන එක අමුත්තක් නෙවෙයි.. ඒත් කොල්ලෙක් තවත් කොල්ලෙක් එක්ක.. ඒකත් කුමාරයක් එක්ක.. මේක නිකන් හීනයක් වගේ..
ESTÁS LEYENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanficDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚