ටේගෙ සිහිය නැති වෙනවත් එක්ක කලබල වුන ජංකුක් ටේගෙ කම්මුල් මතට තට්ටු දාන ගමන් කතා කරන්න ගත්තෙ වෙව්ලන හඩකින්. වතුර බිංදුවක් පේන මානෙකවත් නැති බව දැන දැනත් ජංකුක් වටපිට බැලුවෙ යම් බලාපොරොත්තුවකින්. ටේට කතා කරන ගමන් ම ටේව අත් අතරට ගත්ත ජංකුක් ටේව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන ආපිට හැරුනෙ කාර් එකේවත් වතුර තියනවද බලන්න.
" මං මට ම සාප කරග්න්නවා මැණික.... ඔයාව මෙතන්ට අරගෙන ආපු එකට... අනේ.... කතා කරන්නකො රත්තරනෙ..... ඔයාගෙ කූ ඔයාට වඩා පොඩී.... මැණික... ඇයි මෙහෙම මාව බය කරන්නෙ.... නැගිටින්නකො...."
ජංකුක් අත් අතර ඉන්න ටේව උස්සගෙන යන ගමන් කියවන්න ගත්තෙ කිසිම සිහියක් නැතුව. ජංකුක් ගේට් එක ගාවට ම ආවත් ජංකුක්ට නැවතෙන්න සිද්ද වුනේ ජංකුක්ගෙ ඇස් දෙක යම් බීතියකින් වැහිලා යද්දි.
ජංකුක් කොච්චර ශක්තිමත් වුනත් එයාගෙ මැණික ටේ නැතුව ජංකුක් දුර්වලයෙක්. ජංකුක් මේ මොහොතෙත් දුර්වල වුනා.
ඇතුලට එද්දි යකඩ දම්වැලක් පේන මානෙකවත් නොතිබ්බ ගේට්ටුව දැං වැහිලා ඒ අතරින් ලොකු යකඩ දම්වැලක් ගිහින් තිබුනා. ටේව නැගිට්‍ට ගන්න තිබුන අන්තිම බලාපොරොත්තුවත් ඒ විදිහට විනාශ වෙලා යද්දි ජංකුක් අහස දිහා බලාගෙන කෑගැහුවෙ දැනුන කේන්තියට ද දුකට ද කියන්න දන්නෙ ජංකුක් ම තමයි.
" මැණික ඇස් අරින්නෙකො..... ඔයාගෙ කූ ගොඩක් බය වෙලා ඉන්නෙ.... ප්ලීස් රත්තරන්.... "
ජංකුක් ටේව අත් අතර තියාගෙන ටේගෙ ඒ රෝස පාට කම්මුල් සියුම් ව අතගෑවෙ කොහේදෝ නැති කදුලක් ජංකුක්ගෙ රලු ඇස් ආක්‍රමණය කරද්දි.
විනාඩි ගානක් ගත වෙන්න ඇති. ජංකුක්ගෙ ඇස්වලින් වැටෙන කදුලු සමහරවිට අහසට මතක් කරන්න ඇති ඒ නපුරු දවස. ජංකුක්ගෙ ඇස්වල කදුලු වේලෙද්දි ඒ සුන්දර අහස මල් වැස්සකින් ඒ මතක පිරුනු ගේ තෙමන්න ගත්තා.
තමන්ගෙ මූණට වැටෙන සියුම් වතුර බිංදුවල පහස දැනෙද්දි ඇස් පියාගෙන හිටිය ටේ ජංකුක්ගෙ අත් අතරන හිමින් හිමින් ඒ ඇස් විවර කලා. ජංකුක් මූණෙ පුරා මැවුනු සුන්දර හිනාවකුත් එක්ක අහස දිහා බලං හිටිය ඇස් ටේ දිහාවට හැරෙව්වා.
" මැණික "
" ම්ම්..... "
" ඔයා නැගිටලා "
" පුතේ...... "