ජංකුක්ගෙ ඇස් පුදුමෙන් ලොකු වුනේ ටේ තමන්ට කතා කරපු විදිහ නිසා. ජංකුක් තාමත් ටේව අත් අතර තියාගෙන හිටියා.
" මගෙ පැටියො..... ම....ග්....මගෙ..... පුතා... "
ජංකුක් යම් තිගැස්මක් ඇති වුනත් සාමාන්‍ය වෙන්න උත්සහ කලා. කාටද පුලුවන් තමන්ගෙ එක ම ආදරෙ ඒ විදිහට හැසිරෙද්දි පුදුම නොවී ඉන්න. ජංකුක් බැලුවෙ ටේගෙ ඇස් දිහා. ජංකුක් හරි ටේ වෙනස් වෙලා නොහිතපු විදිහට... වෙනදට ටේගෙ ඇස්වලින් අවුස්සන සුලු අමුතු හැගීමක් දකින් ජංකුක් මේ මොහොතෙ ඒ ඇස්වලින් දැක්කෙ අමුතු විදිගෙ ආදරයක්.... වචනෙන් කියන්න බැරි අමුතු හැගීමක්....
" ට්....ටේහ්.... ම්... මැණික "
" ම්.... මගෙ... ප්...පුතාට... අම්... අම්මව අදුර... ගන්න බ්....බෑද.... "
ටේ එයාගෙ සිනිදු අතින් ජංකුක්ගෙ කම්මුල අත ගාද්දි ජංකුක්ට ඒ වෙනසත් නොදැනුනා ම නෙවෙයි. ජංකුක් මොහොතකින් ටේව තමන්ගෙන් ඈත් කරලා පැත්තකට වුනා. ඒ වෙලාවෙ ටේගෙ ඇස්වල ඇදුන දුක වේදනාව ජංකුක් අදුර නොගත්තමත් නෙවෙයි. ඒත් ජංකුක් හිර වෙලා. ලෝක දෙකක් අතර....
" මැණික.... මේක විහිලු කරන්න වෙලාවක් නෙවෙයි.... ප්ලීස්... ඕක නවත්තන්න "
ජංකුක් අමාරුවෙන් මූණට ගත්ත ව්‍යාජ හිනාවකින් ටේට සංග්‍රහ කරද්දි ටේ හිස් වේදනා පිරුන ඇස්වලින් ජංකුක් දිහා බලාගෙන හිටියා.
" මගෙ පුතා ඉස්සර වගේමයි.... පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ.... "
" ටේ.... ඕක නවත්තන්න ප්ලීස් "
ජංකුක් කිව්වෙ තරහ ගිය හඩකින්. ජංකුක්ට මේ දේ පෙනුනෙ තනිකර විකාරයක් විදිහට. ටේ මොනාද මේ කරන්නෙ මොකද්ද මේ හැසිරෙන විදිහ. ජංකුක්ට හිතා ගන්න බැහැ.
ටේට සිහිය එන්න උදව් කරපු මල් වැස්ස තවමත් පොලව තෙත් කරමින් හිටියා. ජංකුක් හිටගෙන හිටපු තැන ම දණින් වැටුනෙ අත් දෙකෙන් ම කන් දෙක වහගන්න ගමන්.
ටේ ඒ වෙලාවෙත් ජංකුක් දිහා මවකගේ ආදරෙ පිරුනු ඇස්වලින් බලාගෙන හිටියා.
ජංකුක්ගෙ කන් ඇතුලෙ දෝංකාර දෙන්න ගත්තෙ බයානක වෙඩි සද්ද. ජංකුක් හේතුව නොදැන වුනත් ඒ හිතට දැනුනෙ අසීමිත බයක්. ජංකුක්ගෙ රැලි වුන නලලත් දාඩිය බේරෙන මූණත් නොනවත්වා ගැහෙන අත් දෙකත් ඒකට සාක්ශි එකතු කලා. ජංකුක් බිය මුසු ඇස්වලින් තමන් දිහා බලාගෙන ඉන්න ටේගෙ ඇස් දිහා බැලුවා.
" මගෙ පුතා බය වෙලාද.... "
" ඔ....ඔයා ක්...කව්ද "
" ඔයා දන්නවද.... ඔයාව ඔයාගෙ අප්පව දැක්ක වෙලාවෙ මාත් මේ ලෝකෙන් යන්න තීරණේ කලා.... "
" ම්....මොනා ද කියන්නෙ.... ම්... මට තේරෙන් නැ.... "
" යන්න පුතේ.... ඇතුලට යන්න... ගොඩක් දේවල් ඔයා දැන ගනී.... "
" මොනාද.... මං දැන ගන්න ඕනි... "
" අතීතෙ දැනගෙන අනාගතේ රැක ගන්න විදිහ.... "
" ඒ.... ක්...."
ජංකුක්ගෙ වචන ඉවර වෙන්න කලින් හිටගෙන හිටපු ටේ ආයෙමත් පොලවට කඩන් වැටෙද්දි ජංකුක් ඒ දිහා බලාගෙන හිටියෙ ටේ ලගට ලං වෙන්නවත් සිහියක් නැතුව.
" මොකද්ද ඒ..... අතීතෙ දැනගෙන අනාගතේ රැක ගන්න විදිහ... "