Chapter 01 🥀

401 42 15
                                    

Third pov

Good morning mr Park මාත් එක්ක එන්න.

සිනහවකින් මුව සරසාගත් ප්‍රියමනාප පෙනුමෙන් යුත් මැදිවියේ කාන්තාවක් කලු පැහැති ගමන් මල්ලක් අත රදවාගෙන සිටි කඩවසම් තරුණයෙක් හට තමා පසුපසින් පැමිණෙන ලෙස පවසා සන්සුන් ගමනින් ඉදිරියට ඇවිද යන්නට විය.
ඇසට මෙන්ම ගතටත් පියමනාප වූ අවට වටපිටාව  ඉදිකටු තුඩක් බිම වැටුනත් ඇසෙන තරම් නිහඩ වූ අතර ඉදහිට ඇසෙන සියොතෙකුගේ රාවයෙන් පමණක් එය බිද වැටුණි.
සුදු පැහැති වර්ණ ආලේපිත කාමර කිහිපයක් පසු කර ගිය කාන්තාව මදක් ප්‍රමාණයෙන් විශාල කාමරයක් අසල නැවතී එයට තට්ටු කරන්නට විය. ඇතුලතින් ලැබුනු අවසරයත් සමග මැදි වියේ කාන්තාව තරුණයාට සිනහවක් පා ඉවත්ව ගියේය .

Good morning සර්

Good morning  ජිමින්  .  ඉතිං ඔයාව සාදරයෙන් පිලිගන්නවා මෙහෙට. ජිමින්  ගැන අපිට දන්වලා තිබුනා . ඉතිං මං හිතනවා අපිට ලොකු සහයෝගයක් ලැබෙයි කියල ජිමින්ගෙන් .

අනිවාර්යයෙන් . මං මගේ උපරිමයෙන් වැඩ කරනවා.

ලේඩි ඩොක්ටර්ස්ලා තුන් දෙනෙක් ඇතුළුව මෙතන තව ඩොක්ටර්ස්ලා හතර දෙනෙක් ඉන්නවා ජිමින්  ට අමතර. ජිමින්  ට එයාලව ලන්ච් ටයිම් එකේදි මීට් වෙයි.

හරි සර්

මගේ නම සොක්ජින් . මට ජින් කියල කතා කරන්න. ඒක පහසුවක් අපිට වැඩ කරද්දී ජිමින් .

හරි ඩොක්ටර් ජින් .

මෙතන ඉන්න පේශන්ට්ලව ඩොක්ටර්ස්ලට බෙදල දීල තියෙන්නෙ . මේ තියෙන්නෙ ජිමින්  ට බලන්න ඉන්න පේශන්ට්ලගේ විස්තර. මොනාම හරි උමනාවක් උනොත් මට කතා කරන්න . මේ ඉන්නෙ සේරා. ජිමින්ගේ ඇසිස්ටන්ට් . සේරා පෙන්නයි යන්න ඕන තැන . එහෙනම්  good luck

Thank you doctor

Jimin  pov

හැමදේම හරිම පිලිවෙලයි . ඒවගේම පිරිසිදුයි. වචනයෙන් පරිසමාප්තියෙන්ම හිත නිවන තැනක්. සේරා මාව එක්කගෙන ආවේ මටම කියල මෙහෙ වෙන්වුනු කාමරේට . සුදු පාටින්ම හැඩවුනු ඇදක් පොත් මේසයක් කබඩ් දෙකක් කාමරේට ම විවරව ඉදිකරපු නාන කාමරයක්. පුංචි උනත් දැකපු ගමන් හිතට සුවපහසුවක් දැනුනා. ලන්ච් ටයිම් එක වෙනකන් මට කරන්න උනේ මට හම්බවුන පේශන්ට්ලගේ ෆයිල්ස් බලල එයාල ගැන අවබෝධයක් ගන්න. ෆයිල් අතර අතරමං උන මාව සේරා ඇවිත් එක්කගෙන ගියේ ලන්ච් එකට.

THE SAME SKY  |yoonminseok|✔️Where stories live. Discover now