..............
වෙනදට කලින් ම නැගිටින මිනූ අද නම් හොදට නිදි වගේ.. මං හෙමින් සැරේ ගියේ එයාගෙ කාමරේට... මං කාමරේ දොර අරිනවත් එක්ක ම අම්මා කෝල් කරපු නිසා මං...
කියන්න අම්මා...
කොහෙද ගියේ පාන්දර ම..
මිනූ ගෙ ගෙදර ඇයි අම්මා..
උදේ ම ඒ ළමයට කරදර කරන්න ගියා ද..
එහෙම නෑ..🙄
හරි ඒ ළමයට කරදර කරලා එහෙම අහුවෙන්නෙ නෑ හරිද බබා...
හරි හරි.. අම්මා නිදා ගන්නකො කෑ නොගහා... කියන ගමන් මං කෝල් එක කට් කරා..
ඇත්තට ම මට ටිකක් ඊරිසියයි... අම්මා මට වඩා දැන් ආදරේ මිනූ ට.. ඒ වුණාට මම නේ පොඩි.. ඇයි අප්පා...😒 කමක් නෑ මිනු මගෙ නේ..😌 මං ඇතුලට ගිහින් ඇදේ නිදාගෙන ඉදපු මිනූ ළඟින් ඉදගෙන..Good morning baby... කිව්වෙ එයාගෙ කනට ලං වෙලා දැන් ඉතිං ගැස්සිලා නැගිටිවි.. ඊට පස්සෙ මට ගහයි... 😅 හැමදාම එහෙම නේ.. මං හිතින් හිනා වෙවි හිතුවත් මිනු නැගිට්ටෙ නැති නිසා මං දෙපාරක් ම එහෙම කිව්වා..
මිනූ... මිනූ.. නැගිට්න්න.. කියන ගමන් මං හැරිලා ඉදපු මිනු ව මගෙ පැත්තට හැරෙව්වා..
No way... මිනූ බබා නැගිටින්න.. ඔහොම ඉන්න එපා.. ආයිශ්.. මේ කෙල්ල මං කිව්වා.. මං කිව්ව මං ඉන්නම් කියලා.. මං ඉක්මනට මිනූ ව මගෙ අත් දෙකට ගත්තේ මිනූ හොදට ම සීතල වෙලා වගෙ ම එයාගෙ තොල් සුදුමැලි වෙලා නිසා.. මං ඉක්මනට මිනූ ව අරගෙන කාර් එකෙන් තියලා කාර් එක අරගෙන ගියේ හොස්පිටල් එකට...
Mr. Theshan...
ඉක්මනට doctor ට එන්න කියනවා... මං සැරෙන් කියද්දි නර්ස් කෙනෙක් මාව එක්කගෙන ගියේ රූම් එකකට...
YOU ARE READING
He Is My Painkiller ( Complete )
Non-Fictionතේෂූ.. මගෙ ආදරේ.. මගෙ අම්මා වගෙ ම මගෙ තාත්තා.. තේෂාන් සචින්ද විජේරත්න ... Wijerathna Industries එකේ බාල පුතා.. තාත්තා කියන විදිහට නොසන්සාලයෙක් , අම්මා කියන විදිහට දගකාරයෙක් අයියා කියන විදිහට හුරතලෙක්.. මගෙ විදිහට බෙහෙතක්.. He is My Painkiller in...