Xiao Zhan's P.O.V
දවස් ගානක් හරි හැටි නින්දක් නැතිව යට ගිය ඇස් රතු වෙලා තියෙන්නේ එක දිගට අඩලා කියන්න සාක්කි දෙන්න.. පිරුනු මුහුන වෙනුවට ඒ හකු බැහැල.. වේලනු තොල් පට ඉරිතැලිලා..
" ඔයා තාමත් කියන්නේ එහෙම මුකුත් නැහැ කියලද ෂියා.. "
ඔහේ ඈත බලන් ඉන්න ෂියාගෙන් මම අහනකොට කෙල්ල මට උත්තර දුන්නේ නැහැ.. හැබැයි ඇස් වලින් කදුලු කැට සට සට ගගා වැටෙන්න ගත්ත..
පහු ගිය දවස් ටිකේම මම සැරෙන් සැරේ මොකක්ද ප්‍රශ්නේ ඇහුවත් ෂීයා කිව්වෙම මුකුත් නැහැ කියලා.. හැබැයි ගෙවිලා ගියේ දවස් තුන හතරක් වුනත් ෂියාගේ පෙනුම වෙනස් වුනේ හරි ඉක්මනින්..
" ෂියා..."
" ජා..න්..ම.ම..හිතන්නේ..ම්.මම.."
දෙවනි පාරටත් මම එයාගේ නම කියනකොට කෙල්ල එහෙමම බඩ අල්ලගෙන පහත් වුනේ මම බලාපොරොත්තු වුන උත්තරේ දෙන ගමන්..
අපි හිටියේ දක්ෂිණ මාලිගාවේ පිටිපස්ස කොටසේ.. අදත් මම ආවේ කිචන් එකේ වැඩවලට උදව් කරන්න හිතාගෙන වුනාට ෂියා ඉන්නේ වෙනමම ලොකේක කියලා තේරෙනකොට මම කෙල්ලවත් ඇදන් එලියට ආවේ එතන මට ඕන දේ අහන්න බැරි හින්ද..
බිම ඉදන් අඩන කෙල්ලගේ ඔලුව මම හිමීට ඔලුව අතගාන්න ගත්ත..
" අඩන්න එපා ...ඔය කාලේට අඩන එක බබාට හොද නැහැලු ෂියා.."
එකම වයසේ වුනාට මට ෂියාව දැක්කම මතක් වෙන්නේ ආ'යින්ව.. එකට නොහැදුනත් මම අයිය කෙනෙක් වශයෙන් යින්ට තිබ්බ ආදරේ පොඩ්ඩක්වත් අඩුවක් තිබුනේ නැහැ.. එයා මාව දකින්නවත් අකමැති කාලේ එයාගේ ඉස්කෝලේ ගාවට හොරෙන් ගිහින් අනන්තවත් මම එයා දිහා බලන් ඉදලා ඇති.. මට ඕන වුනේ හැමදාම යින්ව ආරක්ෂා කරන්න.. අනික් අයියලා එයාගේ සහෝදරියන්ව ආරක්ෂා කරනව වගේම..
" දැන් කොච්චර කල්ද.. "
" දන්..නේ නැහැ.. සතියක ව.ගේ..ඉදන්..වම..නේ..ය.න්..න..ගත්තේ.. "
" එ.තකොට..ලි.යා..න්..මේ. ගැන..දන්නවද.."
දරුවගේ තාත්තා කවුද කියලා අමුතුවෙන් මට අහන්න දෙයක් තිබ්බේ නැහැ..
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚