06

1.8K 368 300
                                    

ජන්ග්කුක් ටේහ්‍යුන්ව එයාලගෙ කූඩාරම තියෙන දිහාවට එක්කන් ගියත් තාම දවල් වරුව නිසා එයාගෙ කණ්ඩායමේ අය වගේම ජින් නම්ජුන් දෙන්නත් ඇවිත් හිටියෙ නෑ.

ජන්ග්කුක් ඒක අවස්ථාවක් කරගත්තා කිඳුරට මේ ලෝකෙ ගැන තව උගන්නන්න. නෑ, හරියටම කිව්වොත් කිඳුරගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ජන්ග්කුක් ලැජ්ජාව පැත්තකින් තියලා ටේහ්‍යුන්ගේ හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නෙ නැත්තන් ඒ ගැන පස්සෙ පසුතැවෙන්න වෙන්නෙත් එයාටම නිසා.

"වර්ගයා බෝ කරන්න කිව්වා? පීපී එකෙන් කොහොමද ඒක කරන්නෙ?" කිඳුරා කුතුහලෙන් ජන්ග්කුක්ගේ පිළිතුර ප්‍රශ්න කලා.

"නෑ මං ඔයාට ඒක කියන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ මොකද්ද කියලා දැනගත්තම ඇති." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් මූන හකුළ ගත්තා.

"ඒත් මට ඕනෙ තව මං වගේ අයව හදන්න." කිඳුරා කිව්වම ජන්ග්කුක් ඇස් දෙක රෝල් කරා.

තවත් කිඳුරගෙ ප්‍රශ්න නිරාකරණය කරන අතරේ දෙන්නටම දැනුනේ ලොකු බඩගින්නක්.

කිඳුරා කන්න මාළු ඉල්ලුවත් ජන්ග්කුක් නෙමේ ඒවා සැපයුවෙ.

"ඔයා දැන් මනුස්සයෙක්. මතක නැද්ද මං කිව්වා ආ? ඔයා අද ඉඳන් මේවා කන්න හුරුවෙන්න." ජන්ග්කුක් කිව්වේ රාමේන් බෝල් එක ටේහ්‍යුන්ට දිගු කරමින්.

කිඳුරා අප්පිරියාවෙන් ඒ දිහා බැලුවා.

"මෙහෙම චොප්ස්ටික් අල්ලගෙන කන්න." ජන්ග්කුක් එයාට රාමේන් කන විදිහ කියලා දුන්නා.

සෑහෙන්න වෙලාවක් චොප්ස්ටික් දෙක එක්ක පොර බැදුව ටේහ්‍යන් අන්තිමේදි බැරිම තැන ඒ දෙක විසික් කරලා දාලා රාමෙන් අහුරු පිටින් අතින් අරගෙන කොහොමහරි උගුරෙන් පල්ලෙහාට දාගත්තා.

"මං මිනිස්සුන්ට කැමතිම නෑ! ඇයි ඔයාලා මේ වගේ ජරා කෑම කන්නෙ කෙල්ලෙ?" කිඳුරා ඇහුවේ අඬන්න ආසන්නව.

ඒත් ජන්ග්කුක් නෙමේ ගනන් ගත්තෙ. එයා හිනා වෙමින් කිඳුරගෙ වැඩ බලන් හිටියා. ඊළඟට එයා දැක්කා ටේහ්‍යුන් උගුර අල්ලගෙන මූනත් අමුතු කරන් ඉන්න විදිහ.

"ඔහ් ඔයාට වතුර ඕනෙද? ඉන්න දෙන්න." කිව්ව ජන්ග්කුක් වතුර බෝතලයක් දුන්නත් බොන්න දන්නෙ නැති නිසා එයාම ටේහ්‍යුන්ට පෙව්වා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now