Xiao Zhan's P.O.V
" සෝශල් මීඩියා වල නිව්ස් එක දැක්කම මට විශ්වාස කරන්නත් බැරි වුන.. "
" මමටවත් මුලදි විශ්වාස කරන්න බැරි වුනා.."
යුආන්ට ලාවට හිනාවක් දුන්නු මම කෝපි කෝප්පේ තොල් ලගට ලං කරගත්ත..අනේ මන්දා ඉස්සර උබ බන් කියලා කතා කරපු යුආන් දැන් කතා කලේ හරි පරිස්සමෙන්.. මොකක්දෝ ගෞරවයක් එක්ක..
ෂියා ගිහින් සති දෙකක් ගත වුන..මේ වෙනකන් එක කෝල් එකක් නැහැ..මොනවද වුනේ කියලා දන්නේ නැහැ..පැයකට දෙකකට එලියට ගියත් දවස් ගනන් මාලිගාවෙන් පිට වෙලා මට හොයන් යන්න පුලුවන්කමකුත් තිබ්බේ නැහැ.. මොකද ජුන්ගේ එන්ගේච්මන්‍ට් එකට කොරියා ගිය රාජකීය පවුලේ කුණු කන්දල් ටික ආයේ නන්‍යැන් වලට ආවා.. අධිරාජ්‍යයයි , මගේ ජුන්යි , ඉයුන් හැරෙන්න..
අලුතෙන් දැනෙන්න දුකක් නොතිබුනත් අමු තුවාලේකට ලුණු දානවා වගේ මගේ පපුව පෑරෙන්න ගත්ත.. රාජකීය පවුලේ උන් ආයේ ආව එකට නෙමෙයි උන් මේ ආව කියන්නේ මේ වෙනකොටත් ජුන්ගෙයි ඉයුන්ගෙයි එන්ගේච්මන්‍ට් එක ඉවරයි හින්දා කියලා දන්න නිස..
අනේ ඒ දෙන්නා සතුටින් හිටිය විදිහ , පර්ෆේක්ට් කපල් එක , මැච් වෙන්න ඩ්‍රෙස් කරන් හිටපු එක..මම කාමරෙන් එලියට එනව දැක්කොත් උන් කලේම ඕවා කිය කිය මට හින්ට් පාස් කරපු එක..
මට ඕවා ඔක්කොම ඇහුන.. ඒත් මම නැහුන ගානට හිටිය.. මොකද මම ඒ අපායෙන් නිදහස් වෙලා යන්න තිබ්බේ ටික දවසයි..
හරියටම අද ඉදන් දවස් දෙකයි.. මම මේ රට , මගේ අම්මා , නංගි , ආච්චි අම්මා එතකොට මගේ ජුන් මේ හැමෝවම දාලා සදහටම මෙහෙන් යන්න යනවා.. ආයේ නොයෙන්නම..
මොනාකෝ වල මට ඕන කරන යට ඇදුමේ ඉදන් හැමදේම ලැස්ති කරලා තියෙන හින්දා මට ගෙනියන්න කියලා ලොකු ලොකු දේවල් තිබුනේ නැහැ.. මට ගෙනියන්න ඕන වුනේ ජුන් මගේ උපන්දිනේට දුන්න තැග්ග විතරයි..
ඒත් ඒක තිබුනේ බෝඩිමේ.. මාව බලෙන්ම උස්සන් ආව දවසේ ඉදන් මේ වෙනකන් මම ආයේ බෝඩිමට අඩියක් තිබ්බේ නැහැ..අඩුම අරුන් තුන්දෙනාට කෝල් එකක්වත් දුන්නේ නැහැ..එහෙම එකේ දැන් බෝඩිමට ගියොත් උන් තුන්දෙනා අහන ප්‍රශ්න වලට උත්තර මට දවසින් දීගන්න බැරි වෙනව.. ඔක්කොටත් වඩා පෙෂි ගේයි , ෂාවෝගෙන් මට බේරෙන්න බැරි වෙනව..
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚