Chapter 39

836 177 150
                                    


Three Years Later....

Author's Pov...

" ඒන්ජල්.... ? "

ජිමින් එයාගෙ ඒන්ජල්ගෙ ෆේවරිට්ම ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකෙන් අයිස් ක්‍රීම් එකකුත් අරගෙන එයාලා කලින් වාඩි වෙලා හිටපු බෙන්ච් එක ලඟට ආවා... ජීසුව බලාපොරොත්තුවෙන් එතනට ආවත් හිස් බෙන්ච් එක දැකලා ජිමින්ගෙ හිත කලබල උනා....

" ජීසු බබා... ? "

ජිමින් අයිස්ක්‍රීම් එක අතේ තියාගෙනම කලබලෙන් පාර්ක් එක වටේම ඇස් යවන ගමන් ටිකක් සද්දෙට කතා කලා... ඒත් එයාට ඒ කොහෙවත් එයාගෙ ඒන්ජල්ව දකින්න නොලැබෙනකොට ජිමින්ගෙ හිතට ඇත්තටම අමුතු බයක් දැනුනා... ජීසුව බෙන්ච් එකේ තනියම තියලා ලඟ තිබුන අයිස් ක්‍රීම් ශොප් එකට ගියපු එක ගැන ජිමින් තමන්ටම දොස් පවරගත්තා....

ජිමින් බෙන්ච් එක ලඟින් එහාට ගිහින් ජීසුව හොයන්න හැදුවත් එකපාරම එයාව ගැස්සිලා ගියේ බෙන්ච් එක යටින් එළියට ආපු පුංචි ඔලුවක් නිසා....

" පීක බූහ්.... "

ජීසු බෙන්ච් එක අස්සෙ ඉඳන් බෙල්ල විතරක් එළියට දාලා සද්දෙන් කිව්වහම ජිමින් ගැස්සෙනවා දැකලා ජීසු හයියෙන් හිනා උනා....

" අප්පා බය උනා.... "

ජීසු දිහා බලාගෙන වේගෙන් ඇස් පිල්ලම් ගහන ගමන් තාමත් ඉන්න තැනම ගල් වෙලා ඉන්න ජිමින්ට ජීසු කිව්වහම ජිමින් ඇස් රෝල් කරලා ලොකු හුස්මක් පහළ දැම්මා....

" ඔව් ඔව් බය උනා තමා.... මන් කිව්වා නේද මෙතනින් හෙල්ලෙන්න එපා කියලා ආහ්... පණ්ඩිත හැල්මොනී ඉක්මනට එනවා ඔතනින් එළියට... "

ජිමින් ජීසු දිහා බලන් සද්දෙන් කිව්වහම ජීසු එයාගෙ චූටි අත් පොළවෙන් තියලා අමාරුවෙන් බෙන්ච් එක යටින් එළියට ඇවිත් බෙන්ච් එක උඩට නැගලා වාඩි උනේ කටත් උල් කරගෙනමයි....

" අප්පා නලකයි... "

ජීසු කට උල් කරගෙනම කියලා අනිත් පැත්ත බලාගන්නකොට බොරු කේන්තියක් මූණට අරන් හිටපු ජිමින්ටත් ඒ හුරතලේ දැකලා හිනා ගියා....

" ඉතින් ඔයා අප්පව බය කලානෙ මැණික.... බබා දන්නෝ නේ බබා පේන්න නැති උනාම අප්පා බය වෙනෝ කියලා... "

MR. COLDY Where stories live. Discover now