🍁 01 Chapter 🍁

446 70 2
                                    

Life is a coincidence .. During that journey I stopped at that mind ..

.........................................................................

Park jimin pov,

මන් මගේ ජීවිතේ මෙතෙක් ආසාවෙන්ම බලන් හිටිය දවසක් අද.. මේ දවස මෙච්චර ඉක්මනට එයි කියල මන් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ. ඇත්තටම මේක හදිස්සියේ තීරනය උන දෙයක්. කොහොම උනත් මේ දවසට මන් හරිම ආදරෙයි. අවුරුදු ගානක මගෙ ඒක පාර්ශවික ආදරේ අද ඉදන් සදහටම මගේ වෙනවා.. මන් දන්නවා මේ දේට කැමති මන් විතරයි.. එයා මෙ ගැන ටිකක්වත් කැමති නැ. ඒත් දැන් අපි දෙන්නටම කරන්න දෙයක් නෑ. මන් වැකේෂන් එකට ප්‍රංශෙ ඉදන් කොරියා ආවෙ අවුරුදු ගානකින් ඇවිත් නැති නිසයි. ඒත් හිතපු නැති විදිහට මේ දේ උනා..
ඔව් අද මගෙ වෙඩින් එක. ඕනිම කෙනෙක් සතුටු වෙන දවස. මාත් පුන පුනා බලන් හිටපු දවස. සතුට වගේම දුකකුත් මේත් එක්ක මට දැනෙනවා.

අද මගෙ සතුට බෙදා ගන්න මගෙ ඔම්මයි අප්පයි දෙන්නම මන් ලග නෑ. මීට අවුරුදු 5කට කලින් ඒ දෙන්නම මාව දාල ගියා. එ මට වයස 14දී.. ඊට පස්සෙ ඔම්මගෙයි අප්පගෙයි යාලුවො උන මිස්සි ජියොන් වගේම ෆැන්ග් අන්කල් මාව බලා ගන්න ආවා. මිසිස් ජියොන්ට පවුලේ වැඩ එක්ක මන් ලග ඉන්න එක අපහසු නිසාත් ෆැන්ග් අන්කල් තනියම නිසාත් මන් ෆැන්ග් අන්කල් එක්ක තියා ගත්ත.. එයා මාව එයාගෙ දරුවෙක් වගේ බලා ගත්ත. එයා ඩොක්ටර් කෙනෙක්. එයාගෙ වැඩ නිසා අපි කොරියාව අතෑරල ප්‍රංශෙට ගියා. හරියටම ඒ යන්න කලින් දවසෙ තමා මන් මගෙ ඒක පාර්ශවික ආදරේ හිමිකාරයා ජියොන් ජන්කුක් මිසිස් ජියොන්ගෙ පුතාව දැක්කෙ.. ඒ වෙනකන් කිසිම කෙනෙක් ගැන හිතිල නැති මගෙ හිත එයා වෙනුවෙන්ම වෙන් උනා. ඒත් එයා නම් මාව දැකල නැ. කොහොම උනත් මගෙ හිත වෙන කෙනෙක්ට ගිහිල්ලත් නැ. මැරෙන තුරාවටම එයාට විතරයි මන් මගෙ ආදරේ දෙන්නෙ.. මගෙ ඔම්මට අප්පාට පස්සෙ මන් වැඩියෙන්ම ආදරේ කරන්නෙ එයාට. එයා මට ආදරේ කරත් නැතත්.

අද මගෙ අත අල්ලන් අල්තරෙ ගාවට යන්න මගේම කියල කවුරුවත් මට නෑ.. ඒත් හැමදාම වගේ මන් ගාව හිටිය මගෙම අප්පා වගේ මාව ආරක්ෂා කරපු ෆැන්ග් අන්කල් දොරත් ඇරගෙ කාමරේ ඇතුලට එනකොට මන් සැනසුම් හුස්මක් හෙලල අන්කල් දිහා බලල හිනා උනා. ස්තූතියි හැමදේටම...





Waves Of Life ( Jikook )Donde viven las historias. Descúbrelo ahora