🍁 05 Chapter 🍁

239 59 6
                                    

Time will give us space too. Let's do it one day love ...

.........................................................................

Jeon jungkook pov,

ගෙදරින් එලියට ආව මන් ඉක්මනට මගෙ බයික් රාජයා උඩට නැග්ගෙ පරක්කු නොවී යන්න ඕනි නිසා. මන් කැම්පස් ඒකට පාවිච්චි කරන්නෙ බයික් එක විතරයි. මෙහෙ කවුරුත් තාම දන්නෙ නෑ මන් කොරියාවෙ ප්‍රධානම කම්පෙනි එකක් උන ජියොන් කෝපරේෂන් එකේ අයිතාරයාගෙ පුතා කියල. ඒක මන් හංගනවා. මොකද මට නිදහසේ ඉන්න ඕනි.
දෑනටත් මගෙ පස්සෙන් කෙල්ලො කොල්ලො දෙගොල්ලොම පස්සෙන් එන්නෙ පැණි හැලියට ඇදෙන ඇඹලයෝ වගෙ.. හරි හරි ඉතින් මන් හැන්සම් තමා.
මන් ඒක පිලිගන්නවා. එහෙමයි කියලා මන් චුට්ටක්වත් කැමති නෑ ඔය එකෙක්ටවත්.. ඈක්කා. උන් ඔක්කොම මට අප්පිරියයි. මන් කිසිම කෙනෙක්ව ගනන් ගන්නෙ නැ. හෙන ආඩම්බරකමේ ඉන්නෙ මන් යුනි එකේ.

හැබැයි මගෙ යාලුවෝ සෙට් එක ලග ඇරෙන්න..උන් ලග තමා මගෙ ගෙදර අයට පස්සෙ වැඩියෙන්ම නිදහසේ ඉන්නෙ. උන් ටික මට මගේම සහෝදරයො වගෙ. ටේහියුන්, හොබී, යුන්ගි, නම්ජුන්, හේසු වගේම සුසී...
ඒත් මන් උන්ටත් මේ වෙඩින්ග් එක ගැන කියල නෑ.. මට ලැජ්ජයි ඒක කියන්න .අනික ඒක හදිස්සියේ උනේ. මට කොහොමත් මේ ගැන දැන්ම එයාලට කියන්න බෑ.

කැම්පස් එකෙන් ඇතුලට බයික් එක දාල පාර්ක් එකට යනකන් හැම එකාම මන් දිහා සූස් සූස් ගාන් බලන් ඉන්නවා.. මන් කෙලින්ම බයික් එක පාර්ක් කරල ඈතුලට යන්න ලෑස්ති උනේ.
ආ.. පොඩ්ඩක් ඉන්න..අම්මොහ් හොද වෙලාවට.. තව ටිකෙන් විනාසයි. මුද්ද තාම මගෙ ඇගිල්ලෙ නේද? දාන් ගියා නම් ඉවරයි. මුළු කැම්පස් එකම දැන ගන්නව අරුන්ගෙ කැ ගැහිල්ලෙන්..

මන් බලාන් හිටියෙ මගේ දකුනු අතේ තියන මුද්ද දිහා.. මට හිතා ගන්න බෑ ඒකට මොනාද කරන්නෙ කියල. ගලවන්න ඕනි. ඒත් හිත අදිමදි කරනවා. මොනා උනත් දැන් මන් විවාහකයි. ඒත් ඒත් මට මේ ගැන තව හිතන්න ඕනි. අනික ජිමින් උනත් ඕක දැන් ගලවලා ඇති.
කෝකටත් මන් මේක අනිත් අතට දා ගන්නම්කො දැනට.. හොයන්න බෑනෙ එච්චර ..
මුද්ද අනිත් අතට දාන් මන් ඉක්මනට ලෙක්චර් රූම් එකට දිව්වෙ දැනටම පරක්කු හින්දා..

Waves Of Life ( Jikook )Où les histoires vivent. Découvrez maintenant