09

1.8K 374 257
                                    

දවස් තුනකට පසු

ගෙවුන දවස් තුන ජියොන් මන්දිරය හිනා සාගරයක ගිලිලයි තිබුනෙ. ඔව්, ඒ කිඳුරා නිසා. එයාගෙ ඔම්මව අප්පාව විතරක් නෙමේ ගෙදර සේවකයන්වත් ආකර්ශනය කරගන්න කිඳුරා සමත් වුනේ එයාට තියෙන මොකක් හරි මායා බලයක්වත් නිසාද කියලා ජන්ග්කුක් කල්පනා කලා. මොකද එයාගෙ ඔම්මා අප්පා, විශේෂයෙන් ඔම්මා එහෙම ලේසියෙන් කෙනෙක්ට කැමති වෙන්නෙ නෑ.

කිඳුරා හේවොන්ටයි, ජේහ්‍යුන්ටයි ඔම්මා අප්පා කියලා කතා කරන එක මුලින් නුහුරු උනත් දැන් එයාලට ඒක ගානක් ගියෙ නෑ.

ජන්ග්කුක්ගේ අප්පා කොච්චර නම් කිඳුරට ආකර්ශනය වෙලාද කිව්වොත් කිඳුරගෙ බලු මාළුවට ඉන්න පොන්ඩ් එකක් පවා හදන්න ජියොන් මැන්ශන් එකේ පහළ උද්‍යානයෙන් කෑල්ලක් වෙන් කරලා තිබුනා.

ඒ වගේම දැන් ජන්ග්කුක් කිඳුරා එක්ක සාමාන්‍ය විදිහට හිටියා. කිඳුරා ආස විදිහට එයත් එක්ක හිනා වුනා, කතා කලා.

කිඳුරට තිබුනෙ වෙන කාමරයක් වුනත් හැමදාම උදේට නැගිටිද්දි ටේහ්‍යුන් හිටියේ ජන්ග්කුක්ව තුරුලු කරන් එයාගෙ ඇඟ උඩ.

එතකොට අදත් ජන්ග්කුක් නින්දෙන්ම හොඳට හරි බරි ගැහිලා කිඳුරගෙ හැඩිදැඩි නිරුවත් පපුවට තුරුලු වුනේ දැනෙන උනුහුමට.

ඒත් යථාර්ථය අවබෝධ වෙනවත් එක්කම ක්ෂණිකයෙන් ඇස් දෙක ඇරිය ජන්ග්කුක් ටේහ්‍යුන්ව එහාට තල්ලු කරලා දැම්මා.

"ආයිශ්!" ජන්ග්කුක් කේන්තියෙන් කෑගැහුවත් කිඳුරා ඇහැරිලා තිබුනෙ නෑ. එයා නින්දෙන්ම එහෙ මෙහෙ ඇඹරිලා ආයිත් එයාගෙ ගැඹුරු නින්දට පිවිසුනා.

ඇඳෙන් වාඩිවෙලා හුස්මක් හෙළලා අත් දෙකෙන්ම මූන ඇතිල්ලුව එයා ඊළඟට ආයිත් කිඳුරා දිහා බැලුවා.

එයා කිඳුරගෙ කඩවසම් මූන දිහා බලන් හිටියා. කිඳුරගෙ කොණ්ඩෙ ටිකක් දිගයි වගේම මුලු කොණ්ඩෙම කොට්ටෙ පුරා අපිළිවෙලට විසිරිලා තිබුනත් ඒ කොණ්ඩේ කිඳුරගෙ කඩවසම් බව තවත් වැඩි කලා.

එයා ඊළඟට කිඳුරගෙ ශරීරය පුරාම එයාගෙ ඇස් යැව්වා.

කොහොමත් කිඳුරා එයාට වඩා ලොකුයි වගේම දේහධාරී කෙනෙක් වුනා. කිඳුරට තිබුනු ඇබ්ස්, මසල්ස් කොහොමටවත් එයාට සම කරන්න බැරි තරම් පිරිපුන් වුනා. කිඳුරගෙ මුලු ශරීරයම අංග සම්පූර්ණ එකක් කියලා ජන්ග්කුක්ට හිතුනා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now