Chapter 40

1K 186 128
                                    


Author's Pov...

තද නින්දක හිටපු ජිමින් හෙමින් හෙමින් ඇහැරෙන්න ගත්තෙ එයාගෙ මූණට දැනුන කිතිය නිසා... ඒ එයාගෙ ඒන්ජල් කියලා හොඳටෝම දන්න නිසා ජිමින් තමන්ගෙ ඇඟ උඩ නැඟගෙන ඉන්න ජීසුව තදින් බදාගෙන සයිඩ් එකට හැරිලා ආයෙම නිදාගන්න ගත්තෙ ඊයෙ රෑ වේලාසන ඇඳට ගියත් එයාට නින්ද ගියේ මහ පාන්දර නිසා....

තාම ජිමින් නින්දට වැටිලා පැය දෙකක්වත් ගත නොවුනට ජීසු පාන්දරම නැඟිටින හොඳ බබෙක් නිසා මෙතනින් එහාට තව නිදාගන්න එක ජිමින්ට හීනෙන්වත් කරන්න බැරි වැඩක්...

ජීසුව සයිඩ් එකෙන් බදාගෙන ජීසුගෙ චූටි බෙල්ල ලඟින් මූණ තියාගෙන ජිමින් තව නිදාගන්න හදනකොට ජීසු ජිමින්ගෙ නහය මිරිකුවා...

" අප්පා.... නැඟිටින්නකූ... දැන් උදේනේ... "

ජීසු ජිමින්ගෙ නහය අතෑරලා ජිමින්ගෙ කම්මුල් දෙක ඒ චූටි ඇඟිලි වලින් තදට මිරිකන ගමන් කියනකොට ජිමින් නින්දෙන්ම කෙඳිරි ගාලා අනිත් පැත්තට හැරිලා ඩුවට් එක ඔලුවෙ ඉඳන්ම පොරවගත්තා...

" නෝ... වේකි වේකි... අප්පා නෝටි වෙන්න එපා... අපේ චීච කූවා දවල් වෙනකන් දොයියන්නෙ නලක අය කියලා.... "

ජීසු ජීමින්ගෙ බඩ උඩට නැඟලා ජිමින් ඔලුවෙ ඉඳන් පොරවන් හිටපු ඩුවට් එක ඇදලා අයින් කරලා දාලා ජිමින්ගෙ බඩ උඩ උඩ පනින්න පටන් ගන්නකොට ජිමින් කම්මැලිකමේ ඇස් ඇරලා ජීසු දිහා බැලුවා...

" යා... මොකද කරන්නෙ ඔය ආ... ? "

ජිමින් ඈනුමක් අරින ගමන් එයාගෙ බඩ උඩ ඉඳගෙන උඩ පනින ජීසු දිහා බලන් අහද්දි ජීසු සද්දෙන් හිනා උනා...

" අස්සයා ගෝන්.. ටික් ටික් ටික්... "

ජීසු එයාගෙ නිදහස් අත් දෙක ජිමින්ගෙ පපුව උඩ තියාගන්න ගමන් කියලා තව වේගෙන් උඩ පනිද්දි ජිමින් ඇස් පුන්චි කරලා ජීසුට රැව්වා...

" මොන අස්වයොද... බහින්නයි කිව්වෙ පල්ලෙහට..."

තමන්ගෙ ඇඟ උඩ නැගගෙන දඟලන ජීසු අනිත් පැත්තට වැටෙයි කියලා බයට ජිමින් ජීසුගෙ ඇඟ වටේට එයාගෙ අත් දෙක හිර කර ගන්න ගමන් ටිකක් සැරෙන් ජීසුට කිව්වම ජීසු ජිමින්ට දිව දික් කලේ ජිමින් එයාට සැර කලාට එයා ඒක තබේකටවත් ගනන් ගත්තෙ නෑ කියලා ජිමින්ට අඟවන්න වගේ...

MR. COLDY Where stories live. Discover now