I do not know what to do. So I thought let time ..
.........................................................................
Jeon jungkook pov,
" ම්...ම්හ්...ම්.. කු..කී.... අනෙ...හ්..."
අඩ නින්දෙ හිටපු මට කෙදිරි ගාන සද්දයක් නිසා ඇහැරුනත් එක පාරටම ඒ මොකක්ද කියලා හිතා ගන්න බැරිව මන් ටිකක් ඇස් දෙක පියානම කල්පනා කරන්න ගත්තා..
" එ...න්න... එ.එපා... අ...නෙ.... කු..කි..... කුකී...... ම..ම..මාව... බෙ...බෙර.. ගන්නකො .."
දෙවෙනි පාරටත් ඇහුන සද්දෙත් එක්ක ඒ කටහඩ අදුර ගත්ත මම ගැස්සිලා ගිහින් ජිමින්ගෙ ඇදෙන් කෙලින් උනේ එයාට කරදරයක්ද කියලා හිතන ගමන් උනත් මන් දැක්කෙ හීනෙන්ම දාඩියත් පෙරාන කලබලෙන් බය වෙලා ගොත ගහ ගහ කතා කරන ජිමින්ව.
"එ..එපා එන්න එපා..."
"ජිමින්.. ජිමින් , නැගිටින්නකො.. කො කෝ ඔයා ඉන්නෙ ගෙදර නැගිටින්නකො ජිමින් "
මන් කලබලෙන් ඇස් දෙකවත් නොඇර හීනෙන්ම බය වෙලා ඉන්න ජිමින්ව මන් ගාවට අරන් තුරුලු කර ගන්න ගමන් එයාව නැගිට්ටවන්න උත්සාහ කරා උනත් එයා ඇහැරුනේ නෑ වගේම මගෙ තුරුලට උනාට පස්සෙ එයා ටිකක් නිශ්ශබ්ද උනා.
වොශ් එකක් දා ගත්ත මම ආයෙම මහ රෑ ජිමින් ගාවට ඇවිදින් ඇදෙ කොනකින්ම ඔලුව තියන් හිටියෙ එයාගෙ උන බැහැලා තිබුනෙ නැති නිසා.. එත් ජිමින්ගෙ උන ආයෙම වැඩි වෙලා තිබුනා වගේම උන විකාරෙන්ම බය උනු එයා මගෙ තුරුලෙ ඉදන් සද්දයක් පිට නොවෙන්න තොල් එහෙට මෙහෙට කර කර මොන මොනවදෝ මිමිනුවා.
එයාගෙ ඇගේ රස්නෙ වැඩි නිසාම මන් එයාට පොරවලා තිබුන ඩුවට් එක අයින් කරලා එයාව තවත් මට තුරුලු කර ගෙන මගෙ අත් අතරට මැදි කරන් එයාගෙ දාඩිය දාලා තිබුනු ඔලුවට හෙමින් පිඹින්න ගත්තා... ඒ වගේම එයාවත් එක්ක එහෙට මෙහෙට ටිකක් පැද්දෙන්න ගත්තෙ එකෙන් එයාට නින්ද යන නිසා. ජිමින්ට කොයි තරම් ආයෙම දාඩිය දාලද කියලා කියනවා නම් මන් ඇදන් හිටපු තුනී දුහුල් ටී ශර්ට් එක එයාගෙ ඇගේ ඇලවුනේ හරියට ගම් ගාලා වගෙ.
මන් ලග තිබුනු රිමෝට් එකෙන් ඒසී එක තව ටිකක් වැඩි කරලා ජිමින්වත් තුරුලු කරගත්ත මන් ඇදේ දිගා උනා..
VOCÊ ESTÁ LENDO
Waves Of Life ( Jikook )
FanficYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023