🍁 18 Chapter 🍁

183 52 13
                                    

Every second I spend with you is worth more to me.  Of course I love it

.........................................................................

Park jimin  pov,

   
      කුකීත් එක්ක වාහනේට නැග්ග මන් හිටියෙ හරිම සතුටෙන්.. වාහනේ ටික දුරක් ඇදීගෙන ටවුන් එක පැත්තට යනකොට එයා ටිකෙන් ටික මට පාරවල් ගැන වගේම දකින හැම බිල්ඩින් එකක් ගැනම කියල දෙන්න පටන් ගත්තා.. ඒ එකිනෙක එකිනෙක එයා හරිම ලස්සනට මට කියලා දෙනකොට මන් කරෙ ඒවා හොදට මතක තියා ගන්න එක.

එදා මම ආව පාර්ක් එක වගේම අනිත් වීදි ඔක්කොම පාස් කරන් කුකී ඉස්සරහට කාර් එක අරගෙන යනකොට කිලෝමීටර් ගානක් ඈතට ආව අපි උස බිල්ඩින්වලින් තොර පැත්තට ආවා.  ඒ පැත්තේ සරුවට ගස් වැවිලා තිබුනා. ඒත් එක්කම මන් ශටර් එකෙන් දැක්කෙ තාප්පයක්  වගේ ඒ උස බිල්ඩින් මේ පැත්තෙන් වෙන් වෙලා තියන හැටි.

" කුකී මේ?"

" පරන සෝල් නගරය ජිමින් "
( එහෙම එකක් සෝල් වල තියනවද නැද්ද දන්නෙ නැ. හැබැයි ආයෙම වෙනස් කරන්න බැරි නිසා මන් මේකට ඒවා ගත්තා. )

"ඔහ්... මෙහෙ සම්පූර්ණයෙන්ම වෙනස්නෙ. මන් ගියෙ අනිත් පැත්තෙනෙ එදා.. "

" ඔයා මෙහෙටත් ආවද ජිමින්?"

" ඔව් කුකි. මන් ආව ඒත් ඒ පැත්තෙ බිල්ඩින් ඔක්කොම පරණයි වගේම එවා කඩලා දානවනෙ."

" ඔව් ජිමින්  . ඒ හරියෙ තියෙන්නෙ පරන බිල්ඩින්. මීට අවුරුදු ගානකට කලින් හදපු ඒවා . ඒවා දැන් ගොඩක් පරණයි . ඒ නිසා ඒවා කඩනවා අලුතෙන් බිල්ඩින් හදන්න"

" එතකොට කුකී මෙහෙ?"

" මේ කොටස  තාමත් ඉස්සර වගේම ලස්සනට තියනව ජිමින් . මේ කොටස සංචාරක කට්ටියට හදලා තියෙන්නෙ.. "

" ආහ් එක තමා. මෙහෙ ලස්සනයි .."

" ඔව්. ඇතුලේ ගොඩක් ලස්සනයි . ඔයා දන්නවද ජිමින් දවසකට මෙහෙ සංචාරකයො ලක්ෂයකට වඩා එනවා.. දවසකට.."

" එච්චර ?"

"ඔව්"

" ෂැංහයිවල බලන්නම ඕනි, ඇවිදින්නම ඕනි තැනක් මේ පරණ සෝල් නගරය ජිමින් ."

"එන්න යන්න ..."

කුකී විස්තර කියන ගමන්ම වාහනෙ කොහෙදෝ පාර්ක් කරන තැනකින් නතර කරලා මට කතා කරාම මමත් එයත් එක්කම එලියට බැස්සා.

Waves Of Life ( Jikook )Where stories live. Discover now