🍁 19 Chapter 🍁

199 45 1
                                    

From today I will be loyal to you. Give me a chance too ...

.........................................................................

Jeon jungkook  pov ,

ඔම්මලා ගෙදර ගිහින් එන අතර තුර මායි ජිමිනුයි අතර පැවතියෙ දැඩි නිහඩතාවක් වගේම අපහසුවක්.. එ ගතිය නැතිවෙන්න මන් සින්දුවක් දැම්මා උනත් ඒ ගතිය ඇරිලා ගියේ නෑ. ඒ යන කාලෙ පුරාවටම මන් බලන් හිටියේ ජිමින්ගෙ අතේ තියන අපේ වෙඩින් රින්ග් එක දිහා. හිතේ දහසක් දේවල් වැඩ කරනකොට මන් කල්පනා කරේ ඉස්සරහට මන් කරන්න ඔනි දේ ගැන.

කාර් එක ගෙදර ඉස්සරහින් නවත්තනවත් එක්කම මන් දිහාවත් නොබලා "Good night" කියලා යන ජිමින් දිහා මන් බලන් හිටියෙ හිතේ කොනක අපැහැදිලි සිතුවිලි රාශියක් පොරකනකොට. එය දුකෙන් කියන එක මට හොදටම දැනුනත් එයාට කතා කරන්න ඔනි උනත් මට ඒ වෙලාවෙ එක වචනයක් පිට කර ගන්න බැරි උනා.

කාර් එක වගේම ගෙදර දොරත් ලොක් කරන් ආව මම පඩිපෙල නැගලා කාමරේට යන්න ගිහින් නැවතිලා බැලුවෙ ජිමින්ගෙ රූම් එක දිහා. එයා කාමරේ ලොක් කරගෙන. කාමරේට ගියපු මම ඇද උඩ ඉදගෙන අත් දෙකෙන්ම මගෙ කොන්ඩෙ ඇද ගත්තෙ මේ වෙලාවෙ මගෙ ඔලුව වගේම හිතත් හොදටම අවුල් වෙල තිබ්බ නිසා.. ඔම්මා මුද්ද ගැන අහපු වෙලාවෙ ජිමින් මන් දිහා බලපු විදිහත් ඒක අතේ නැ කියලා දැක්කාම ඒ මූන වෙනස් උන හැටි මට මතක් වෙන්න ගත්තා .

කොලර් එකෙන් ඇතුලට අත දාලා මන් මගේ කරේ තිබුන චේන් එක අතට ගත්තා. අරගෙන ඒකේ දාලා තියන මගේ වෙඩින් මුද්ද දිහා බැලුවා. ඒක මන් ගාවම තිබ්බා ඔම්මා. එක තිබුනේ මගෙ පපුව ගාව ජිමින්..

දන්නවද ජිමින් මාත් ඔයා වගේම ඔයා එන දවස වෙනකන්ම මෙ බැදීම පිළිනොගෙනම නමක් නොදන්න හැගීමකට මේ මුද්ද දාගෙන හිටියා. ඔව් මමත් මේ අවුරුදු තුන පුරාවටම මේ මුදුව දාන් හිටියා ජිමින්. ඒත් ඔයා ආයෙම එන දවසෙ මන් මේක ගලවලා අයින් කරේ ඔයා දාන් හිටියේ නැත්තන් කියලා. මට හිතුනා ඔයා මේ අවුරුදු තුන ඇතුලත ඒක අයින් කරලා ඉන්න ඇති කියලා. ඉතින් මන් ඒක ගැලෙව්වා උනත් මට බැරි උනා එක අයින් කරන්න. ඉතින් මන් එක මගෙ මාලෙට දැම්මා. මේ මුදුව මන් එක මොහොතකට වත් මගෙන් ඈත් කරේ නෑ ජිමින්.

Waves Of Life ( Jikook )Donde viven las historias. Descúbrelo ahora