10

1.7K 373 242
                                    

ජන්ග්කුක් ශාප කලා එයා යන බස් එක ඇයි හිමින් යන්නෙ කියමින්. ඒත් ඒ බස් එක නම් ගියේ සාමාන්‍ය වේගයෙන්. ඒත් ගෙදර යන්න තිබුනු නොඉවසිල්ල නිසා එයාට තේරුනේ බස් එක ඉබ්බෙක් තරම් හිමින් ගමන් කරනවා කියලා.

කොහොමහරි පැය බාගයකට විතර පස්සෙ එයා ගෙදරට යන පාරෙ දුවමින් හිටියා.

"ඔම්මා!"

ගෙදරට කඩන් වැදුන හැටියෙම පුදුමයෙන් බලන් ඉන්න සේවකයන්වත් පෙල්ලගෙන ජන්ග්කුක් දිව්වෙ එයාගෙ ඔම්මව හොයාගෙන.

"ඔම්මා!"

"පුතා ඔයා? ඔයා ඇයි යුනි එකේ ඉඳන් දැන් ආවෙ?" හේවොන් ඇහුවේ පුදුමයෙන්.

"ට්-ටේටේ කොහෙද ගියේ?" ජන්ග්කුක් හුස්ම අල්ලගන්න උත්සාහ කරමින් ඇහුවම හේවොන් අත් දෙක පපුවට බැඳගත්තා.

"ඕ~ ඒක නිසාද ඔයා ආවෙ? මං ඔයාට කෝල් කරේ කෝකටත් ඔයාගෙ අමුතු යාළුවා ඔයාව හොයන් එයිද දන්නෑ නිසා. ඉතින් ඔයා ඇයි මෙහෙ ආවෙ හහ්? එයා යුනි එකට යන්න ඇති." හේවොන් කිව්වම ජන්ග්කුක්ට දෙලෝ රත්වුනා.

"එ-එයා මාව හෙව්වද?" ජන්ග්කුක් ඇහුවා.

"ඔව් ඒක තමයි මං කලින් කෝල් කරලා කිව්වෙ ඔයාව හොයන් එයා එළියට බැස්සා කියලා. ඔයා ආයිත් යුනි එකට යන්න පුතා එයාව මිස් වෙයි. මොකක් හරි ලොකු හදිස්සියකින් වගේ ගියේ ඔයාව ඕනෙ කියලා. හොඳටම කලබල වෙලා හිටියෙ මං යන්න එපා කිව්වත් ගියා. ඒත් ඇයි ඔයා ඔච්චරටම කලබල වෙලා මෙහෙ දුවන් ආවෙ? ඒ ළමයා යුනි එකට එනකන් ඉන්න තිබ්බනෙ." හේවොන් ඇහුවම ජන්ග්කුක් කේන්තියෙන් හුස්මක් පිටකලා.

"ඔයා දන්නෑ ඔම්මා එයා මේ ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. එයා කොහේ ගියාද දන්නෑ! ආයිශ්!"

"ඇයි එයා දන්නෙ නැ-නැත්- පුතා ටිකක් ඉන්න!!"

ඒත් ජන්ග්කුක් එතනින් දුවලා ගිහින් ඉවරයි.

"මේ ළමයට මොනවා වෙලාද? ඇත්තටම ටේ පුතා නම් ටිකක් අමුතුයි තමා. මෙයා මගෙන් හංගන්නෙ එයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලද දන්නෑ. දෙයියනේ ඒක එහෙම නම් මේ ළමයා කොහේ ගිහින්ද දන්නෙ නෑ. කෝකටත් ජේහ්‍යුන්ටත් පොඩ්ඩක් බලන්න කියනවද?" හේවොන් එයාගෙන්ම අහගත්තා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now