🍁 22 Chapter 🍁

170 49 0
                                    

If you are close to me I will do anything for you .. for your happiness forever..........

.........................................................................

Park jimin  pov,

              මන් මේසෙ වැදෙනවත් එක්කම මෙච්චර වෙලා මට බැන බැන හිටපු කුකී මන් දිහා  බැලුවා වගේම ඒත් එක්කම එයාගෙ මූන වෙනස් උනා මන් දැක්කා..

අත් දෙකෙන්ම එයාගෙ කොන්ඩෙ ඇද ගත්ත  කුකී සෝෆ එකට පයින් ගහල ඉනට අත් දෙක තියාගෙන මන් දිහා හරිම අසරන විදිහට බැලුවා වගේම ඒ සැනින් මන් ගාවට ආව එයා මාව වැලද ගත්තා. හෙමින් නෙමේ ටිකක් තදින් වෙනකොට මගෙ මූන එයාගෙ පපුවෙ තිබුන වගේම එයාගෙ එක අතක් මගෙ ඔලුවටත් අනිත් අතින් මගෙ ඉන වටාත් යා වෙලා තිබුනා..

" ජිමින්.. අනෙ.. ජිමින් ...මට සමාවෙන්න  . ම..මන් එක එච්චර හිතුවෙ නැ ජිමින්.."

" මන් කේන්තියෙන් හිටියෙ ජිමිනා.. "

" අයිම් සොරි .."

කුකී එක දිගට කියාන යනකොට මන් කරේ තවත් ඒ පපුව අස්සෙ මූන හන්ගා ගත්ත එක. බය නිසාම මගෙ පපුවත් වේගෙන් ගැහෙනකොට එයා කියපු වචන ටිකට බැරි උනා තාමත් මගෙ බය නැති කරන්න. එයා මාව තදින් වැලදගෙන හිටියා වගේම ටිකකින් මගෙ ඔලුවට එයා හාදුවක් දෙනකොට මන් ඇස් දෙක පියා ගත්තා. තාමත් මාව ඒ තුරුලේ තියාන දිගින් දිගටම එයා මගෙන් සමාව ඉල්ලුවා..

" ප්ලීස් ජිමින් මට සමාවෙන්න . මන් හිටියෙ ලොකු ප්‍රෙශර් එකකින්. "

" මන් දන්නැ,  මන් දන්නෙ නැ මට එච්චර ගානක් උනෙ නෑ ඔයාට කියපු වචන  ගැන ජිමින්..."

එයා ඇත්තටම සමාව ඉල්ලනවා කියල දැනුන මට සැනසීමක් දැනෙනකොට එයා වැඩ කරන අස්සෙ ඇවිදින් එයාගෙ වැඩ දෙගුන කරපු එක ගැන මට මාත් එක්කම කේන්ති ගියා. එයා ලොකු වැඩක ඉන්න ඇත්තෙ. පපුව ගැහෙන වේගෙ ටික ටික අඩු වෙනකොට මන් එහෙමම ඔලුව වැනුවෙ ඒකට කමක් නෑ කියලා කියන්න ඔනි නිසා. මාව ඒ තුරුලෙන් ඈත් කරපු කුකී ඒ ලොකු අත් දෙකම මගෙ කම්මුල්වලින් තියලා එයාගෙ මහපැටැගිලි වලින් මගෙ කොපුල්වල තිබුනු කදුලු පිහ දාල මන් දිහා බැලුවා..

" මට සමාවෙන්න ජිමින්..ඇත්තටම මන් හිතලා නෙමෙ කරෙ.. මට මහන්සී ජිමින්.. මන් ඊයෙ රෑ ඉදන් හිර වෙලා හිටියෙ."

Waves Of Life ( Jikook )Donde viven las historias. Descúbrelo ahora