can you be mine I gave a name to the feelings I feel about you..my heart started beating fast. It's because of you.....
.........................................................................
Jeon jungkook pov,
ගෙවෙන හැම දවසක්ම ඕනිවටත් වඩා කාර්‍ය්බහුල දවසක් වෙනකොට නිදහසේ හුස්මක් ගන්න පුලුවන් දවසක් ගැන මෙ ටිකෙ හීන මැව්වා. ඒ උනත් ඒ හැම විඩාබර මොහොතකම මගේ හැම මහන්සියක්ම එක තප්පරෙන් නැති කරලා දාන දෙයක් මන් ලගම තිබුනා..
ජිමින් . ඔව් ඒ ජිමින් . මට තවමත් හිතා ගන්න බැ එදා ෂෝ එකේ වැඩේට ජිමින් කැමති උනෙ නැත්තන් මොනවා කරන්නද කියලා..
ඒ ගෙවුන දවස් නමය මන් ජිමින්ට ලන් උනු අපි අපිට ලන් වුනු දවස් කීපයක් උනා. සමහර වෙලාවට එහෙම දෙයක් නොවෙන්න අපි ඒ තරම් සමීප නොවෙන්නත් තිබුනා.නොකීවත් මට හොදටම තේරුනා ජිමින් එ දේ බාර ගත්තෙ මන් නිසා කියන්න . එයා ඒකට මහන්සි වෙන විදිහ මන් මගෙ ඇස් දෙකෙන්ම දැක්කා. අඩුම තරමෙ එයා නිදාගන්නේවත් නැතුව එක දිගට ඇහැරගෙන එ වැඩ කරනකොට මමත් උත්සාහ කරා කොයි තරම් මහන්සි උනත් එයත් එක්ක එකට ඉන්න. මට ඔනි උනා එයත් එක්ක එකට ඉන්න.
කොයි තරම් වැඩ තිබුනත් එයා මන් වෙනුවෙන් වෙලාව වෙන් කරන හැටි ගැන මට තිබුනෙ පුදුමයක්. ඉතින් මට ඔනි උනා හස්බන් විදිහට එයාට මගෙන් වෙන්න ඔනි දේවලුත් පුලුවන් විදිහට දෙන්න.
එයා ඇහැරන් ඉන්නකොට මමත් එයා එක්කම ඇහැරන් හිටියා. වැඩක් නැතිව උනත් බොරුවට හරි ලැප් එකත් උස්සන් ගිහින් එයාගෙ ඇදට වෙලා හොරෙන් එයා වැඩ කරන විදිහ බලන් ඉන්න මම ආස කරා. මන් දන්නව ඒක එයාටත් සතුටක් කියන්න.
එයා කෙටි කාලයක් ඇතුලත හදලා දුන්න ඩිසයින් ටිකට බෝඩ් මෙම්බර්ස්ලා කැමති උන එක මට ලොකු දෙයක් උනා. ඇරත් අපිට වෙන විසදුමක් තිබුනෙත් නැ.
එ හැමදේම දාල එයාම මගෙ ඩ්‍රෙස් එක හදනකොට මට පුදුම හිතුනා . එයා එකට වෙනම මහන්සි වෙන හැටි ,ආසාවෙන් කරන හැටි මන් මන් බලන් හිටියෙත් අසාවෙන්. හැබැයි මට ලොකු කුතුහලයක් තිබුනා එයා මට ඩිසයින් කරන්නෙ කොයි වගෙ එකක්ද කියලා බලා ගන්න. එ උනත් කිසිම වෙලාවක ඒක මට නොපෙනෙන්න තියා ගන්න එයා වග බලා ගත්තා..
VOCÊ ESTÁ LENDO
Waves Of Life ( Jikook )
FanficYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023