🍁 40 Chapter 🍁

164 40 12
                                    

Right here beside you, I'm still
Walking wherever you go
You will live forever in me
Breathing deeply, within me

.........................................................................

Park jimin  pov,

Vivaldi Park Ski World
(비발디 파크 스키월드)

      
      ලොකුවට ගහලා තිබුන නාම පුවරුව පහු කරන් කාර් එක ඉස්සරහට ඇදෙනකොට මම අපිට ඉස්සරහට පෙන්න තියන දර්ශනෙ දිහා බලන් හිටියා. සියොල් වල ඉදන් පැය එක හමාරක වගේ දුරක තියන මේ ස්කිස් ඒරියා එක  ලොකෙම විශාලම ගෘහස්ථ ස්කිස් රිසෝට් එක විදිහට හදුන්වනවලු. හැම තැනම හිම පැතිරිලා ගිහින් තියනකොට කෑම බීම වගේම  ඩිස්නිලන්තයක් පවා තියන මේ රිසෝට් එක නිවාඩු දවසක් නිසාම බාල මහලු තරුන  මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින් තිබුනා.. හොදම දේ මොකක්ද දන්නවද ගොඩක් කොරියන් ඩ්‍රාමාවල රූගත කිරීම් තියෙන්නෙ මේකෙ.. ඔනි ඕනි විදිහට ගන්න පුලුවන් ලොකේෂන් ගොඩක් මේකෙ තියනවා. අර ලෙජන්ඩ් ඔෆ් බ්ලූ සී.. ආහ් හරි එකත් මෙකෙ තමා.. එතකොට ගුජුම්පියෝ හිටියෙත් ජැන්දි එක්ක මේකෙම තමා..

" කුකී ... අපි මේවා පදින්න ඔනිමද?"

"  ඔව්..අපි යමු.. මමත් කාලෙකින් පැද්දෙ නැ. අපිට පුලුවන් ගොඩක් විනෝද වෙන්න."

කුකී ආසාවෙන් කියනකොට මන් ආයෙම මුකුත් නොකියා හිටියා. ඇත්තටම මට ස්කිස් පදින්න බැ.. එයා මාව පුරුදු කරන්නම් කියනකොට ආස හිතුන නිසා ආවා උනත් ඉන්න කට්ටිය ගොඩ දැක්කාම දැන් දැන් නිකන් බැ බෑ කියලා හිතෙන්න ගත්තා .

" කෝ එන්න අපි යමු මැණික "

" හ්ම්.. "

කුකී මගෙ අතින් අල්ල ගන්නකොට මම එයාගෙ අතෙන් අල්ලන් එ පස්සෙන් ගියා. එයා ඉස්සෙල්ලාම ගියෙ මට ඒ ඒරියා එක පෙන්නන්න වෙනකොට ඇස් දෙකට පෙන්න තියන ප්‍රදේශෙ දැක්ක මම කටත් ඇරන් බලන් හිටියෙ හරිම පුදුමෙන් . එ හරිය එ තරම්ම ලස්සනයි .. රෑ වෙලා තිබුන නිසාම ලස්සන ලස්සන නියෝන් එලිය හිම වලට වැටිලා අමුතුම ලස්සනක් මවලා තියනකොට එතන දිව්‍ය ලෝකයක් වගෙ වෙලා තිබුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Waves Of Life ( Jikook )Where stories live. Discover now