When I meet you again
I want to look you in the eyes and tell you
I missed you............................................................................
Park jimin pov,
එයා ගිහින් දවස් දෙකක් වෙන්න එනකොට තව එක දවසකින් අලුත් අවුරුද්දක ආරම්භයක් උදා වීමට නියමිතව තිබුනා.. එයා ඔම්මලා ගාවට ගියපු ගමන් මට කතා කරත් ආයෙ එයාට මට කතා කරන්න පුලුවන් උනෙ දෙපාරක් විතර වෙනකොට දැනටමත් එයා නැති දවස් දෙක මට අවුරුදු දෙකක් වගෙ දැනෙන්න ගත්තා.
එදා කුකී ගිහින් දාලා එනකොට ආයෙම කලන්ත ගතියක් එනකොට වාහනෙ පැත්තක නතර කරලා පැයකට වැඩි වෙලාවක් එතන හිටපු මම බෙහෙත් ගන්න යන්න ඔනි උනත් ඊට වඩා ගෙදර යන්න ඔනි වෙනකොට ආපහු ගෙදරටම ආවා . එයා නැති ගෙදර පාලු වෙලා ගිහින් තියනකොට මම දවස් දෙකම ඔහෙ නිදා ගත්තා උනත් වැඩ මගාරින්නවත් තවත් එයාට පාඩුවක් නොවෙන්න ඔනි නිසාත් 30 වෙනිදා ඔෆිස් එකට යන්න ලෑස්ති උනා.
කුකී නැති ඔෆිස් එක පවා මට ගෙනාවෙ ලොකු පාලුවක් වෙනකොට මම වෙනදා වගෙ නැතුව ඔහෙ වැඩ ටික කරන්නම් වාලෙ කරන්න ගත්තාත් කීප සැරයක් ඔක්කාරයට එනකොට ක්ලාන්ත ගතිය වැඩි වෙනකොට වැඩ කරනවාට වඩා මම මේසෙම ඔලුව තියාන හිටියා .
" ආහ්...ඔම්මා..."
හවස් වෙලා උනත් ආයෙම ඔක්කාරයට එනකොට ඔෆිස් එකේ වොශ් රූම් එකට ගියපු මම විනාඩි ගානකට පස්සෙ එතනින් ආවෙ ඇගට දැනෙන අමරුව නිසාම බිත්තියට වාරු දීගෙන.
" ජිමින්.. ජිමින් ඔයා හොදින්ද?"
වැටෙන්න ගියපු මාව අල්ල ගත්ත ජීසු එතන තිබුන පුටුවක මාව වාඩි කරවනකොට ඇගට දැනුන බැරි ගතිය නිසාම මම එයාට වාරු උනා..
" ජිමින් ඇයි මෙ? ඔයාට දාඩියත් දාලා. මෙ මූන සුදු මැලි වෙලානෙ. "
ජීසු මගෙ මූන දිහා බලාන කියවගෙන යනකොට මන් ඇස් දෙක පියා ගත්තා . කවදාවත් නැති විදිහට ඇගට පන නැති වෙනකොට මට ඔනි උනෙ ටික නිදා ගන්න..
" මන් හොදින් ජීසු.. පුලුවන් නම් මට එලිවේටර් එක ගාවට යන්න උදව් කරනවාද?"
ගෙදර යන්න ඔනි කියන හැගීම තදින්ම දැනෙනකොට මන් ජීසුගෙන් උදව් ඉල්ලන් එලිවේටර් එක ගාවට ඇවිදින් හිට ගත්තා.
ESTÁS LEYENDO
Waves Of Life ( Jikook )
FanficYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023