11

1.8K 372 349
                                    

ඊළඟ දවසෙ උදේම කිඳුරගෙ ග්‍රහණයෙන් මිදුනු ජන්ග්කුක් කිඳුරටත් එක්කම උයන්න පටන් ගත්තා.

සිංදුවක් තාලයට මුමුණමින් සමහර වෙලාවට ඒ තාලයට නටමින් එයා එයාගෙ කාර්ය දිගටම කලා.

"කෙල්ලෙ මටත් එහෙම කරන්න ඕනෙ!"

පිටුපසින් ඇහුන කටහඬ එක්ක ජන්ග්කුක් නටන එක නවත්තලා හැරිලා බැලුවම දැක්කා බොක්සි හිනාවෙන් හිනාවෙමින් එයා දිහාවට දුවන් එන කිඳුරව. ජන්ග්කුක් මදහසක් නැගුවා.

කිඳුරා ඉක්මනින් ඇවිත් ජන්ග්කුක්ගේ උරිස් දෙකෙන් අල්ලගෙන එයාගෙ උඩ ඉඳන් පහළටම බැලුවා.

"මොකද්ද ඔයා ඒ කලේ කෙල්ලේ? එහෙම කරනකොට හරිම ලස්සනයි ඔයා." කිඳුරා සුපුරුදු වර්ණනාව පටන් ගද්දි ජන්ග්කුක් හිනා වුනා.

"ඕක නවත්තගන්න ටේටේ~" ජන්ග්කුක් හිනාවෙලා කිව්වම කිඳුරත් එයාගෙ බොක්සි හිනාවෙන් හිනාවුනා.

"ඔයා දැන් හිනා වෙනවා." ටේහ්‍යුන් කිව්වත් ජන්ග්කුක් මදහසක් නැගුවා විතරයි.

"කෙල්ලෙ මටත් ඒ කරපු එක කියලා දෙන්නකො. මටත් ඒක කරන්න ඕනෙ~" කිඳුරා කිව්වම ජන්ග්කුක් එයා දිහා බැලුවේ කටකොනකින් හිනාවෙමින්.

"ඇත්තටම?" ජන්ග්කුක් ඇහුවම කිඳුරා උද්‍යෝගයෙන් හිස වැනුවා.

ඉතින් උයන එක පැත්තකින් තියලා ජන්ග්කුක් කිඳුරට ඩාන්ස් ස්ටෙප් උගන්නද්දි කිඳුරා උත්සාහ කලා ඒක ඉගෙන ගන්න. ඒත් කිඳුරා අඩි තියන විදිහටත් ඇඟ නළවන විදිහත් දැක්ක ජන්ග්කුක්ට තවත් නම් එයාගෙ හිනාව පාලනය කරගන්න බැරි වුනා.

එයා බඩත් අල්ලන් හයියෙන් හිනාවෙන්න ගද්දි කිඳුරා නටන එක නවත්තලා මූන හකුළන් බලන් හිටියා.

ඒත් ජන්ග්කුක්ගේ හිනාව නම් නැවතුනෙ නෑ.

"I-i'm sorry- අ-ම්මෝහ්!"

ජන්ග්කුක් අන්තිමේදි ලොකු හුස්මක් අරන් එයාගෙ හිනාව නැවැත්තුවා.

"ජන්ගූ~"

"හරි ඉතින් සොරි. පස්සෙ වෙලාවක හොඳට උගන්නන් නම් ඔයාට බැරි නෑ. පළවෙනි පාර උනත් ඔයා ඒක ඇත්තටම හොඳට කලා. මං හිනාවුන එක වැරදි වැඩක්." ජන්ග්කුක් කිව්වම කිඳුරා උද්‍යෝගයෙන් හිනා වුනේ ගුරුවරයෙක්ගෙන් පැසසුම් ලැබුව පොඩි දරුවෙක් වගේ.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now