🍁 59 Chapter 🍁

186 34 3
                                    

Thank you.. Finally I am with my family.. all because of you. I love you.

.........................................................................

Jeon jungkook  pov,

"ම්ම්.... ජිමින්....ම..මාව දාලා යන්න එපා.. ජිමිනා.... ප්ලීස්.."

" ම...මා... ම..මා..."

" ජන්කුක්  .. ඒ නැගිටපන් බන් "

" ටේහියුන් .."

"නැගිටලා මෙ බෙහෙත් ටික බොන්න.. ඉක්මනට හොද වෙන්න ඔනි නම්.."

දවස් තුනක ඉදන් දකින ඒ නපුරු හීනෙ ආයෙම දකිනකොට මම අදත් බය වෙලාම නැගිට්ටා... එත් ඒ බය මගෙ හිතෙන් ඇර ගියෙ නැ. මම හීනෙන් දැක්කෙ ජිමින්  ආයෙම මාව දාලා යන්න යනවා.

" මට.. මට යන්න ඔනි බන්.. ජිමින්  ආයෙම මාව  දාලා යයි. "

" නටන්නෙ නැතුව හිටපන්... බලපන් උබෙ උන තාම අඩු වෙලත් නැ. දවස් දෙකක් අසිහියෙන් කරපු විකාරයක් මමනෙ දන්නෙ.. බොරුවට කලබල වෙලා ආයෙම කකුල පාර ගන්නෙ නැතුව  මේ බෙහෙත් ටික බීපන්.."

" එත් බන්.."

" කට වහපන්.. ආ.. මෙ ටික බිපන්..."

ටේහියුන්  මට සද්දෙ දානකොට මම එයාගෙ අතේ තිබුන බෙහෙත් ටික අරන් බීවා. එදා ජිමින්ගෙ ගෙදර ගාව දී වැස්සෙදි මට සිහි නැති වෙනකොට ටේහියුන්  මාව එක්කන් හොස්පිටල් එකට ඇවිදින් තිබුනා..  VIP රූම් එකක් බුක් කරලා මාව එකේ තියපු ටේහියුන්  මේ දවස් දෙක, නෑ තුනක් පුරාවට නිදාගෙන තිබුනෙ නැ.. වැස්සට තෙමුන නිසා සහලෝලා උන ගන්නකොට දවස් ගානක තෙහෙට්ටුව නිසාම මගෙ කකුලක් ආයෙම පෑරිලා තිබුනා. මුළු දකුනු කකුලම සම්පූර්ණයෙන්ම ඉදිමිලා තියනකොට එ ඔක්කොම අල්ලලා මම ඉදලා තියෙන්නෙ අසිහියෙන් කියව කියව..

සිහිය ආවත් මට සුවයක් නොවුනෙ තාමත් මුළු ඇගම ගිනිකබලක් ගානට රත් වෙන තරමට උන තිබුන නිසයි.. මට දැනුනා මාව දුර්වල වෙලා කියන්න. එ උනත් මට ඔනි උනෙ මෙතනින් නැගිටලා ගිහින් ජිමින්  ගාවට යන්න. මම බය උනා එයා ආයෙම මාව  දාලා යයි කියලා.

" ටේ.. ජිමින්  ආ-ආයෙ මන් ගාවට එන්නෙ නැති වෙයිද බන්? අපේ දරුවව මට නැති වෙයිද බන්?"

" ජන්කුකා."

" මට මට බයයි එයාල ආයෙම මගෙන් ඈත් වෙයි කියලා.."

Waves Of Life ( Jikook )Onde histórias criam vida. Descubra agora