I love to be with you.. because my whole world was with you....
.........................................................................
Park jimin pov,
මහ පාන්දරම නැගිට්ට ජීහුට කවලා පොවලා ඉවර වෙනකොට ආයෙම නින්ද යාගෙන ආව නිසාම මම එයාව ආයෙම කිරි ටිකක් දීලා නිදි කරා.. මගෙ ජීහු බෝලෙට තියෙන්නෙ කුකුල් නින්දක්.. හරිම ඉක්මනට එයා ඇහැරෙනවා.. මගෙ හොර බෝලෙ...
කාමරේ පුරාවට තිබුන ජීහුගෙ සෙල්ලම් බඩු ඔක්කොම එයාගෙ සෙල්ලම් බඩු දාන බකට් එකට එකතු කරලා මුළු කාමරේම පිරිසිදු කරපු මම පහලට ගියෙ පහල හැඩි වෙලා තියන දෙවලුත් අස් කරලා දාන්න කියලා හිතාන. සෝජී ඉන්න කොට නම් අපි දෙන්න වැඩ බෙදාගෙන කරනවා. එ උනත් එයා නැති දවසෙ ඉදන් මට ගෙදර වැඩ වලට වෙනදාට වඩා වැඩි වෙලාවක් ගියා .
ඒත් එක්කම වගේ බෙල් එක වැදෙන සද්දෙ ඇහෙනකොට මම බැලුවෙ එ වෙලාවට කිසිම කෙනෙක් ගෙදරට නේන නිසා. එ උනත් ජනේලේ පලුවකින් ඇවිදින් ඉන්න කෙනාගෙ රූපේ ලාවට පේනකොට මට සැනසුම් සුසුමක් හෙලුනා. මෙතෙක් දවස් මම බලන් හිටපු කෙනා... එයාට මූන දෙන්න හිතා ගන්න බැරුව මම එක තැන ටිකක් කැරකෙනකොට බෙල් එක දෙපාරක් වැදෙනකොට මට තේරුනා එයාට ඉවසන් ඉන්න බැ කියලා. එ නිසාම මම පුලුවන් ඉක්මනට දොර ඇරියා උනත් ඒත් එක්කම මට පෙනුනේ එයාගෙ රූපෙටත් වඩා එය බර දීලා හිටපු කිහිලිකරුවට ....
ඇයි ඒ? ඇයි එයා ඒකක් අරන් ඇවිදින්නෙ? හිතේ දහසක් ප්‍රශ්න කැරකෙනකොට මම පියවි සිහියට ආවෙ එයාගෙ ගැඹුරු කටහඩෙන්...
" ජිමින් .."
"ම- මට ඔයත් එක්ක කත කරන්න ඔනි.. "
එයාට මාත් එක්ක කතා කරන්න ඔනි කියනකොට මෙතෙක් දවස් එයාට ඇහුන්කන් දුන්නෙ නැති මම දොර ඇරලා පැත්තකට උනෙ එයාට ඇතුලට ඉඩ දෙන්න.. මම හිතුවා අද මෙ දේවල් කතා කරලා ඉවරයක් කර ගන්න.. එයා ඇතුලට එනකොට මම ඉස්සර වෙලා ගෙ ඇතුලට ආවෙ එයාට එන්න කියලා නොකියා. එත් එයා මගෙ පස්සෙන්ම ඇතුලට ඇවිදින් නතර උනේ සාලෙ.. එයා දිහා හැරිලා බලනකොට මම දැක්කෙ එයාගෙ ඇස් දෙක මගෙයි අපේ බේබිගෙයි පොටෝ එක දිහා බලන් ඉන්නවා..
'එතන ඔයත් ඉන්න තිබුනා...'
හිතට සියුම් වේදනාවක් දැනෙනකොට මම එයාට ඉද ගන්න කීවා.. ඒත් එයා ඉද ගන්නකොටත් පුටුවට වාරු දීගෙන අමාරුවෙන් වගෙ වාරු වෙනකොට මම බැලුවෙ එයාගෙ කකුල් දිහා එවා හොදට තියනවනෙ. ඇයි මේ? මොකද උනේ එයාට?
YOU ARE READING
Waves Of Life ( Jikook )
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Published:- 04/02/2023 Complete:- 14/02/2023