🍁 64 Chapter 🍁

211 35 1
                                    

Why does the same thing happen again and again?  You know, I don't like this.  Because then I miss you...

.........................................................................

Jeon jungkook  pov,

" ඔහ් ගෝඩ් ජිමිනී ජීහු ඔයා වගෙමයි.."

" අනේ ජුන් එයා කියුට්.. සෝහේ මේ බලන්නකෝ ඔයාගෙ ජීසු මල්ලි ගොඩාක් කියුට්.."

" ජීහූ?.. එයා තෝයි..."

" ජීහු මේ බලන්න ඔයාගෙ සෝහේ නූනා ඔයාව හොයනවා "

" යයි යයි යා...ආආඅ.... නු-නූ..න්..නා..."

" ම්..ඔව් පැටියෝ නූනා..."

උදේම හියුන් , හේසු වගෙම ඔම්මා අප්පා දෙන්නත් අපේ ගෙදරට ආවා වගෙම මුලින්ම ඒ හැමෝට ජිමින්ව මුන ගැහෙන එක වගෙම ජිමින්ට එයාලට මූන දෙන එක තරමක් අපහසුවක් උනත් ඒ ගොල්ලො කතා කරා..

"ම්ම්..  ජිමින්... අපිට සමාවෙන්න දරුවෝ.. වෙච්චි හැමදේකටම සමාවෙන්න ..."

" එකට කමක් නැ ඔම්මා අප්පා"

ඔම්මා වගෙම අප්පාත් ජිමින්ව වැලදගෙන සමාව ඉල්ලනකොට ජිමින් එයාලට සමාව දුන්නා.. එත් ජිමින් ඉස්සර වගෙ ඒ අයටත් සමිප වෙන්නෙ නැතුව හිටියා වගෙම වෙනදාට කතුරක් වගෙ කියවන ජිමින් අද කතා කරේ හරිම අඩුවෙන්.. එක අපි හැමෝටම දුකක් උනත් ජිමින්ට ආයෙම මෙ දේවල් වෙනුවෙන් කාලෙ ඕනි කියන දෙ අපි තේරුම් ගත්තා. එ උනත් එයාලා අතර එක පාරට ඇති වෙන නිහඩ බව ඔනිවටත් වඩා වැඩි වෙනකොට ඔම්මාලා වගෙම ජිමිනුත් ගොළු වෙනකොට මම තව තවත් කනගාටු උනා එ හැම දේම මන් නිසා කියන්න මම දන්න නිසා..

ජීහු මුලින්ම එ අය අතට යන්න බය උනත්  එයා ඉස්සෙල්ලම ගියෙ ජුන් හියුන්  ගාවට. සමහරවිට ඒ හියුන්ත් මන් වගෙම නිසා වෙන්න ඇති. ඊට පස්සෙ එයා අනිත් අයත් එක්ක යාලු උනත් එයාගෙ හැගීම් පිරුනු ඇස් දෙක එහෙට මෙහෙට දිව්වෙ එයාගෙ අලුත් නූනාව හොයාන.. හියුන්ගෙයි හේසුගෙයි දුව සෝහෙ ගාවට. ජීහුගෙ බෝල ඇස් දෙක එයාගෙ සෝහේ නූනා ගාව නවතිනකොට එක පාරටම අතත් කටේ ගහගෙන මායි ජිමින් දිහයි බැලුවෙ කවදාවත් දැකලා නැති නූනා කවුද කියලා අහන්න වගෙ..

එත් එක්කම සෝහෙ වඩාගෙන හිටපු හේසු එයාගෙ අතෙ හිටපු සෝහෙවත් අරගෙන ජීහු ලගටම ගිහින් එ එයාගෙ නුනා කියනකොට සොහේ එයාගෙ මල්ලිව ආදරෙන් පිලිගත්තා.. ටික වෙලාවක් සෝහේ දිහා බලාන හිටපු අපෙ ජීහු බතල කොටෙ එයාගෙ 'යයි යයි යා යා' ගාන කැගැහිල්ල දාලා අමාරුවෙන් නූනා කියලා කියනකොට එතන හිටපු අපි හැමෝටම හිනා ගියා..

Waves Of Life ( Jikook )Donde viven las historias. Descúbrelo ahora