19 𝚃𝙷 𝙲𝙷𝙰𝙿 🖤

186 36 9
                                    

ජංකුක් ටේ එක්කම ගේ ඇතුලට යන්න තීරණය කලා. දැනටමත් ඇරිලා තියන දොරෙන් ඇතුලට යන්න යන්න ජංකුක් ටේ ගාවට ගිහින් ටේවත් නැගිට්ටවගත්තා. ඇගට පණක් නැති ගානට ඉන්න ටේව තමන්ගෙ ඇගට හේත්තු කරගන්න ගමන් ජංකුක්  ඉස්සරහට අඩි තිබ්බා.

විශාල නිවසෙ දොර අබියසට ටේ එක්ක ආපු ජංකුක් දොරෙන් ඇතුල් වුනේ හිතේ නලියන යම් තිගැස්මකුත් එක්ක.

බැලූ බැල්මට අවුරුදු ගානක් අතෑරලා දාලා තිබුන ගෙදර පාලු ගතිය මකන්න තිබුනෙ සලේ සුදු රෙදිවලින් වැහුන සෝෆාමක් මේසයක් විතරයි. ජංකුක්ගෙ ඇස් මුලු ගේ පුරාම නිදහසේ සැරිසරද්දි ටේ තවමත් ජංකුක්ගෙ ඇගට හේත්තු වෙලා ඒ බෙල්ලෙ මූණ හංගගෙන හිටියා. ජංකුක්ගෙ රලු දැඩි අත් ටේගෙ උරහිස් වටා ගමන් කරලා ටේව තව තවත් තමන්ට තද කරගනිමින් හිටියේ මේ ගෙදර ටේව තමන්ගෙන් ඈත් කරයි කියන බයෙන් වගේ.

ජංකුක් ටේ දෙන්න හිටගෙන ඉන්න තැනට කෙලින් ම පේන්න තියන කිචන් එකේ ජංකුක්ගෙ ඇස් එක පාරම නැවතුනේ එතන යම් දෙයක් සිදුවන බව ඒ ඇස්වලට ගැටුන නිසා.

සින්ක් එක ලග ඉන්න ලස්සන කොල්ලෙක්ව තවත් කොල්ලෙක් පිටිපස්සෙන් වැලදගෙන හිටියා. ජංකුක්ගෙ ඇස්වලට අහු වුනේ ඒක. මොන ජගතා වුනත් ජංකුක්ගෙ ඇස් වගේ ම හිතත් ඒ දේ නිසා ගැස්සුනා. ජංකුක් හොදට ඒ දිහා බැලුවා.

ඔව්... එතන ඉන්නෙ ඒ දෙන්නමයි...

" උඩට එන්න පුතා.... අනාගතේ රැකගන්න "

ජංකුක් කිචන එකේ තමන් වගේත් ටේ වගේත් ඉන්න දෙන්නගෙන් ඇස් අහකට ගත්තේ ඒ ඇහුන හඩ නිසා.

අමාරුවෙන් හිත ශක්තිමත් කරගත්ත ජංකුක් ටේවත් එක්කගෙන ඔවුන්ට යාබදව තිබුන පඩිපෙලෙ පලවෙනි අඩිය තිබ්බා. ටේවත් වත්තං කරගෙන පඩිපෙල නැග්ග ජංකුක් දොරක් ඇරුන කාමරය ගාවට ඇවිදගෙන ගියා.

මොන දේ වුනත් ජංකුක් ඉස්සරහට යන්න තීරණය කළේ ඒ ගෙදරින් එයාට දැනුන ලොකු හුරු පුරුදු බව නිසා.

කාමරේ ඉස්සරහ නැවතුන ජංකුක් කාමරේ පුරා ඇස් අරං ගියා. ඒ කාමරේ විශාල ඇදක්, ඒ ඇද ලගම වගේ පොඩි ටේබල් එකක් පේන්න තිබුනා. ජංකුක් ටේ එක්කම කාමරේට ඇතුල් වෙලා ඒ ඇද ලග තිබුන ටේබල් එක ගාවට කිට්ටු වුනේ ඒ මත මුනින් අත වැටිල තුබුන පොතක් වගේ දේ නිසා.

вαву gιяℓ 🖤💫Hikayelerin yaşadığı yer. Şimdi keşfedin