12

1.6K 385 208
                                    

"ටේ ඔහොම නවතින්න!!" නම්ජුන් කෑගැහුවේ දැන් විශ්වවිද්‍යාලයෙන් එළියට ජන්ග්කුක්වත් ඔසවගෙන වේගෙන් යන කිඳුරට. ඒත් කිඳුරා නවතින පාටක් නෑ.

"ශිට්! ඔය තුන් දෙනා ප්‍රොෆෙසර් ගාවට යන්න. මායි ජිනුයි ඒ දෙන්නා පස්සෙන් යන්නම්." කිව්ව නම්ජුන් ඒ දෙන්නා පස්සෙන් දුවන්න ගත්තේ ජින්වත් ඇදගෙන.

විශ්වවිද්‍යාලයේ ඉඳන් විනාඩි පහක් පයින් දුර වුනු ජන්ග්කුක්ගේ අපාර්ට්මන්ට් එකට කිඳුරා දැනටමත් ගිහින් ඉවරයි.

නම්ජින් දෙන්නා හති හලමින් දුවද්දි කිඳුරා හිටියේ ජන්ග්කුක්ගේ කාමරේට දුවන ගමන්. ඒ වගේම එයා කෙලින්ම ගියේ බාත්රූම් එකට.

"ට්-ටේ ඔහොම ඉන්න- ආයිශ්!" නම්ජුන් කෑගහලා දුවන් ගියත් කිඳුරා බාත්රූම් එකේ දොර එයාගෙ මූන ඉස්සරහම වහලා දාලා ඉවරයි.

"ජින් ඔහොම ගල් ගැහිලා බලන් ඉන්නෙ නැතුව මොකක් හරි කරන්න! ජන්ග්කුක්ට මොනව හරි වෙලානම්?!" නම්ජුන් කෑගැහුවම ජින් හුස්මක් හෙළුවා.

"මුකුත් ලොකු හානියක් ජන්ග්කුක්ට වෙලා නෑ ජූනි බය වෙන්න එපා. ටේ එයා ගාව ඉන්නවනෙ." ජින් කිව්වත් නම්ජුන්ගෙ හිත හැදුනෙ නෑ.

"එයා මේ දේවල් දන්නෙ නෑ ජින්. මොකක් හරි කරමු ඉක්මනට. ජන්ග්කුක්ගේ හාට්බීට් එකත් නතර වෙලාද දන්නෙ නෑ. අපි ඉක්මනට ඇම්බියුලන්ස් එකකට-"

නම්ජුන් කියන එක නැවතුනේ ජින් එයාගෙ තොල් වලට හාදුවක් දුන්න නිසා. නම්ජුන් ඇස් දෙක ලොකු කරන් එයා දිහා බලන් ඉන්නවා දැකලා ජින්ට හිනා ගියා.

"රිලැක්ස් වෙන්න ජූන්, කලබල වෙන්න එපා. කලින් උන දේ ඔයා දැක්කා නේද? ජන්ග්කුක් ගොඩක් විශේෂ කෙනෙක් වගේ." ජින් කිව්වේ කලින් සිද්දිය මතක් කරමින්. එවෙලෙ ජන්ග්කුක්ගේ පෙනුම ආයිත් මතක් වුනු ජින්ගෙ ඇඟම හිරිවැටිලා ගියා.

එයා ලොකු හුස්මක් අරන් නම්ජුන් දිහා බැලුවා.

"ඒ නිසා එයාට මෙහෙම ලේසියෙන් කරදරයක් වෙන්නෙ නෑ ජූන්. අනික ටේට එයත් එක්ක ඉන්න දෙන්න. මොනවා උනත් අපි නොදන්න බැඳීමක් ඒ දෙන්නා අතර ඇති. ජන්ග්කුක් දැන් මර්මන් ගාව ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා."

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now