හවස තුනටත් ලගයි..අපි ශොපින් මෝල් එක ඇතුලේ ඒ තරම් වෙලා ඉදලද...අපි දවල්ට කාලාත් නෑ..ඒත්..මට බඩගින්නක් දැනෙන්නෙ නෑ...මට දැනෙන්නෙ මගෙ හිත පිරිලා වගේ....බඩගින්නක් නොදැනෙන්න තරම් මගෙ හිත පිරිලා....ඒ ටේහ්යුන් හියුන්ග් නිසාද !
"ජන්කුක්.."
හියුන්ග් කතා කරද්දියි මම හරි සිහියට ආවේ...බෑග්ස් දාන්න ඇරපු පිටිපස්සෙ දොර වහලා ඉන්සුව වඩාගෙන ඉන්න ටේහ්යුන් දිහාවට මම හැරුනා...
"අපි යමූ...ආ මෙයාව ගන්නකෝ..."
ටේහ්යුන්ගෙ උරහිසේ කට තියාගෙන සූප්පු කර කර ඉන්න ඉන්සු ගාවට ගිහින් කෙදිරි ගාද්දිම මම එයාව වඩා ගත්තා...
"ම්ම්ම් මැනික...මොකෝ මේ..."
ටේහ්යුන්ගෙ අතින් ගත්ත ගමන් ඉන්සු ආයෙත් කෙදිරි ගාන්න පටන් ගත්තා...සූප්පු කර කර උන්නු නිසා ටේහ්යුන්ගෙ උරහිස කෙල වලින්ම නෑවිලා....ආයෙමත් ටේහ්යුන්ගෙ අතට පනින්න හදන ඉන්සුගෙ මූනට එබුනු ටේහ්යුන් ඉන්සුගේ හිස් මුදුනට හාද්දක් දුන්නා...
"ශ්ශ්...චන්ඩි කොල්ලො ඔහොම අඩන්නෑ...මම ලගින් ඉන්නවනේ ම්ම්ම්"
මම ඉන්සුව දෙපැත්තට වැනෙන ගමන් නලවද්දි ටේහ්යුන් ආයෙමත් යුන්ගෙ කම්මුලකට හාද්දක් දීලා මං දිහාවට හැරුනා....
'මෙයාගෙ වැඩේම ඉන්සුව ඉබින එකනෙ'
මට එහෙම හිතුනා...
"ඔයාටත් ඕනෙද.."
"ආ!..."
ටේහ්යුන් අහද්දි මම ටිකක් ගැස්සිලා ගියා....මම ගැස්සෙනවා දැක්ක ටේහ්යුන් මට කට කොනින් හිනා උනා...
"හරි හරි අපි දැන් යමුකෝ.."
ටේහ්යුන් එහෙම කිව්වට පස්සෙ අපි දෙන්නම ඇවිත් වාහනේට නැග්ගා...හදාගෙන ආව කිරි එක මං ඉන්සුට පොවන්න ගත්ත නිසා ඒ වෙද්දි ඉන්සුගෙ කෙදිරිල්ලත් අඩුවෙලය් තිබුනේ...කා එක ස්ටාට් කරගෙන ටික දුරක් යනකම්ම අපි අතර කතා බහක් සිද්ද උනේ නෑ...අපි අතර නිහඩතාවය බින්දේ අපි දෙන්නගෙ සුසුම් හඩවල් ඉන්සුගෙ හිනා හඩ විතරමයි...ටේහ්යුන් හිටියෙ ලොකු කල්පනාවක...මට එයාගෙ කල්පනාවට බාදා කරන්න ඕනෙ උනේ නෑ..ඒත් ටේහ්යුන් එක්ක මට කතා කරන්න ඕනේ නිදහසේ හුගාක් දේවල්....
![](https://img.wattpad.com/cover/334252322-288-k435895.jpg)
YOU ARE READING
𝗨𝗦 [ TK ] Republishing |
Fanfictionතම සහෝදරියගේ මියයාමෙන් අනතුරුව ඇයගේ පුන්චි පුතු සමග තනිවන ජන්ග්කුක්.. තම සහෝදරයා සමග පවුලෙන් වෙන්ව තනිව දිවි ගෙවන ටේහ්යුන්ග්... එකම එක අනපේක්ශිත මොහොතක්.. ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳාවිද... ~ REPUBLISHING Taekook fanfic Top Tae Bottom koo