🐱 Chapter 79 🐱

1.1K 270 58
                                    

Wang Yibo' s P.O.V

" අහ්හ්..!!"

" අහ්හ්හ්හ්හ්..!!"

" අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...!!"

" දනව..දනව..මගේ මුලු ඇගම දනව.. ඇයි.ඇයි.මෙච්චර දහඩිය දාන්නේ.. මේකේ ඒ.සී..ඔන් කරපන්..යකෝ.."

" සන්සුන් වෙන්න සර්..කලබල වෙන්න එප..සර්ගේ තුවාල පෑරෙයි.. "

" සන්සුන් වෙන්න කියන්නෙ..! තොපිලා ඩොක්ටර්ස්ල නේ.. මාව හොද කරපන්..මට බෙහෙත් කරපන්..!!"

" සර් කරුනාකරල කලබල කරන එක නවත්තන්න.. එකෙන් ප්‍රශ්න වැඩි වෙන්නේ සර්ටමයි.."

" ඇයි..ඇ.යි..උබල..මං ලගට එන්නේ නැත්තේ..ඇයි..උබ.ල..ඔය මු.ලු..ඇගම.වහගෙන..මං.ලගට එන්නේ.. ඇයි..බය.ද..මගෙන්..උබලටත් බෝ..වෙයි..කියලා.."

Window Blind එකෙන් එහා පැත්තේ හොස්පිටල් රූම් එකේ PPE kit ඇදගත්ත හොස්පිටල් ස්ටාෆ් එකෙයි ලියාන් අතරෙයි වෙන යුද්ධේ බලන් හිටිය මගේ හිතට දැනුනේ අමුතුම කුරිරු සතුටක්..මනුස්සකම තියෙන කිසිම මිනිහෙක්ට කවදාවත් දැනෙන්නේ නැති සතුටක්..

" මුලින්ම patient ට රෝග ලක්ෂණ පෙන්නන්න පටන් අරන් තියෙන්නේ මාස තුනකට විතර කලින්.. කඩින් කඩ උණ.. වසා ගැටිති..ලිංගාශ්‍රිත සැරව බිබිලි.. ඒත් මේව කිසි දෙයක් ගැන මිස්ටර් ලියාන් අවදානය යොමු කරල නැහැ.. කලින්ම චෙකප් එකක් එකරල පොසිටිව් වුනා නම් මීට වඩා මිස්ටර් ලියාන්ට පරිස්සම් වෙන්න තිබුන.. ඒත් දැන් තත්වේ බරපතළ වැඩියි..පහු ගිය සතියේ දරුණු උණක් තිබුන..නිමෝනියා තත්වෙට ඇවිත්.. කලින් සැරව ගෙඩි පොඩි ප්‍රදේශයක විතරක් තිබුනත් මේ වෙනකොට මුහුනේ අත පයේ පවා බෝ වෙන්න අරන්.. අපිට පුලුවන් උපරිම අපි රෝගය පාලනය කරන්න උත්සහ කරනව.. "

දිග විස්තරයක් කියපු ලියාන්ව භාරව හිටිය ඩොක්ටර් අන්තිමට අනිත් හැම ලෙඩෙක්ටම වගේ කියන සුපුරුදු වාක්‍ය කියනකොට අනිත් ලෙඩ්ඩුන්ගේ භාරකාරයෝ වගේ මම පොලවේ හැපි හැපි ඇඩුවේ නැහැ.. ඒ වෙනුවෙට මගේ මුහුනට ආවේ හිනාවක්..

PPE kit එක ඇදන් රූම් එකෙන් එලියට ආව මම දොර ලග හිටගෙන හිටිය බොඩිගාඩ් ලග නතර වුන..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now