එහෙනම් අපි අපේ කතාව පටන් ගමු. ඒත් ඊට කලින් මට අපි මේ කතා කරන යුනිකෝන් ආත්මයත් තියෙන ජීවීන් ගැන විස්තර ටිකක් බෙදාගන්න තියෙනවා. 💓
අපි මේ කතා කරන ලෝකේ ඉන්නේ යුනිකෝන් ආත්මයක් සහ මනුෂ්‍ය ආත්මයක් මිශ්‍ර වුණ ජීවින්නේ. ඉතින් මේ ජීවීන්ට තමන් කැමති ඕනෙම ස්වරූපෙකින් ඉන්න පුළුවන්. 🦄👱♀️👱♂️ ඒ වුණත් ගොඩක් වෙලාවට එයාලා ඉන්නෙ එයාලාගේ මනුෂ්‍ය වේශයෙන්. 👱♀️👱♂️ මොකද මෙයාලා දවසෙන් වැඩි කාලයක් ඉන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයන් ඉන්න මනුෂ්‍ය ලෝකේ නිසා. ඒ වුණත් විශේෂිත අවශ්‍යතා වලදි නම් එයාලා කාටත් හොරෙන් එයාලාගේ යුනිකෝන් වේශය මවාගන්නවා. 🦄
ඊළඟ කාරණේ තමයි මෙයාලටත් යුනිකෝන්ස්ලාට වගේම ගොඩක් ලොකු මැජික් පවර් එකක් තියෙනවා. 💫 යුනිකෝන්ස්ලාට මනුෂ්‍යයන්ගේ හීන හැබෑ කරනන පුළුවන් කියලා කතාවක් තියෙනවනේ. ඉතින් මෙයාලටත් ඒ පවර් එක තියෙනවා. මනුෂ්‍ය ලෝකේ හොඳ මිනිස්සුන්ගේ ලස්සන හීන ගොඩක් මෙයාලා හැබෑ කරනවා. ✨✨
මේ ජීවීන් සම්බන්ධ තව විශේෂ කාරණාවක් තමයි එයාලගේ මේ පවර්ස් සේරම හැංගිලා තියෙන්නේ එයාලාගෙ ඇලිකෝන් එකේ. යුනිකෝන්ස්ලාගේ ඔලුවේ ටිකක් දිග අඟක් තියෙනවානේ. අන්න ඒකට තමයි ඇලිකෝන් එක තියන්නේ. මේ ජීවීන්ට මනුෂ්‍ය වේශෙදී එයාලගේ ඇලිකෝන් එක මායා යෂ්ටියක් වගේ පාචිච්චි කරන්නත් පුළුවන්.
හතර වෙනි කාරණාව. මේ ජීවීන්ගේ ලොකුම හතුරෝ තමයි මායාකාරයෝ. ඇත්තටම මනුෂ්‍ය වේශේදි සාමාන්‍ය මනුස්සයෙකුයි, යුනිකෝන් ආත්මයක් තියෙන ජීවියෙකුයි, මායාකාරයෙකුයි එතට තිබ්බොත් කිසිම කෙනෙක්ට මෙයාලාව වෙන වෙනම අඳුරගන්න බෑ. ඒ වුණත් යුනිකෝන්ස්ලාට මායාකාරයන්ගෙයි, මායාකාරයන්ට යුනිකෝන්ස්ලාගෙයි සුවඳ වෙන වෙනම හොයාගන්න පුළුවන්. මායාකාරයෝ යුනිකෝන්ස්ලාව යොදාගෙන එයාලගේ නරක හීන සැබෑ කරගන්න එකට යුනිකෝන්ස්ලා විරුද්ධ වුණ නිසා මායාකාරයෝ ඒ යුනිකෝන් පවර්ස් හොරකම් කරන්න පටන් ගත්තා. ඒ නිසා තමයි යුනිකෝන්ස්ලා රෑ කාලෙදී මායාකාර හා මනුෂ්‍ය ලෝකෙන් වෙන් වුණ එයාලගෙම ලෝකෙක ඉන්නේ. ඒකේ නම තමයි ඇන්ටාසියාව. මේ ඇන්ටාසියාව මනුෂ්‍ය ලෝකෙන් වෙන් කරන්නෙ ලොකු මායා බන්ධනයකින්. නියම යුනිකෝන් කෙනෙක්ට ඕනෙම තැනකින් ඒ බන්ධනය හරහා එයාලගේ ඇන්ටාසියාවට යන්න පුළුවන්. ඒ වුණත් මායාකාරයන්ට ඒක කරන්න අමාරුයි. ඒ නිසා තමයි එයාලා මනුෂ්‍ය ලෝකෙදී යුනිකෝන්ස්ලාට ඇටෑක් කරන්නේ.
------------------------------------------------------------------
මෙන්න මේ කාරණා ටික දැනගෙන ඔයාලා කතාව පටන් ගත්තොත් හොඳයි කියලා හිතුණ නිසා තමයි මේක වෙනම චැප්ටර් එකකට දැම්මේ.
මේ ටිකේ වැඩිය වට්පෑඩ් එන්න වෙලාවක් නැතිවෙයි එක්සෑම්ස් ළඟ නිසා.
හැම සෙනසුරාදකම මම පුළුවත් තරම් අප්ඩේට් එකක් දෙන්න ට්‍රයි කරන්නම්.
ඒ වගේම කමෙන්ට්ස් වලටත් මම අනිවාරෙන්ම reply කරන්නම් ඉඩක් ලැබුණ ගමන්ම. 💖
එහෙනම් මම යනවා. Bye ❤❤
-Mashimoto Mia 🌹-
YOU ARE READING
Unicorn Princess
Fantasyකඟවේනෙක්, එහෙමත් නැත්නම් unicorn කෙනෙක් කියන්නේ අරුම පුදුම බලයක් තියෙන ජීවීන් කොට්ටාසයක්. ඒ වුණත් ඒ ජීවීන්ගේ පුදුමාකාර බලය මායාකාරයෝ විසින් උදුර ගත්තොත් ඒ ජීවීන් කොච්චර අසරණතාවයකට පත් වෙයිද?