🐱 Chapter 81 🐱

1.2K 265 52
                                    

Wang Yibo's P.O.V

කෑම මේසේ හිටිය එවුන් ලේ පෙරන් වමනේ දාන්න පටන් ගන්නකොට බටහිර මාලිගාවෙන් එලියට ඇවිත් මම නැගෙනහිර මාලිගාවට ගිය.. මං වෙනුවෙන් මාස හයක් බලන් ඉන්න කෙනව හොයන්..

එකට එකක් කරනව කියලා අහල තියෙනවද..?

ඔව් මාත් එහෙම කරා..මට කරපුවට එකට එකක් නෙමෙයි..එකට හයක්..

කොරියාවේ මාව හිරකරන් හිටිය මාසයට හරියන්න ඉයුන්ගේ ජීවිතෙන් මාස හයක් මම උදුර ගත්ත..

සීයා පපාගේ කාමරේ පහු කරන් මාස හයක් තිස්සේ කන්න බොන්න විතරක් ඇරුණු දොර ඇරගෙන මම ඇතුලට ගිය..

මුලු කාමරේම අන්ධකාරයි.. මාස හයටම මේ කාමරේ එක ජනේලයක්වත් ඇරිලා නැහැ.. කන්න බොන්න දෙන ටිකට හැරෙන දොර ඇරිල නැහැ.. හිතුන වෙලාවට ලයිට් පත්තු වෙන නැත්තම් දවස් ගානක්ම කලුවරේ..

මම ඇතුලට ගිහින් තප්පර ගානක් යනකොට මුලු කාමරේම එලිය වැටුන..

'ඔය ඉන්නේ ගෑනී..'

Horror film එකක හොල්මන වගේ කොන්ඩේ කඩන් ඇද කොනක ඉදන් හිටිය ඒකි එකපාරටම ලයිට්ස් එනකොට ගැස්සුන..

" ආ..ආ..බය වෙන්න එපා ඉයුන්..මේ මම..ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්.. "

සල්ලි..සැපසම්පත් විතරක් නෙමෙයි ඉයුන්ට මදි නොකියන්න ලස්සනත් තිබ්බ..වෙන කෙල්ලෝ මේකප් තලි නාගෙන ලස්සන වුනාට ඉයුන්ට ඒවා ඕන වුනේ නැහැ.. මොකක් ඇන්දත් සල්ලිකාරකමයි උගත්කමයි බේරෙන්න පෙනුන..

ඒත් දැන්..

දැන් මගේ ඉස්සරහ හිටියේ මුහුනේ හකු ගිලා බැස්ස ඇස් කලුවෙල යට ගියපු මුහුන කට සුදු මැලි වුන එකියක්..

" ය්..බෝ..යිබෝ..උබ..උ.බ්.."

මම හරි ආදරණීය බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට ඉයුන් ගාවට ඇවිදගෙන ගියත් මාව දැක්ක ගමන් කෙල්ලගේ ඇස් උඩ ගිහින්..ඊලග මොහොතේ මගේ කොලර් එකෙන් ඇද ඇද කෑගහන්න ගත්ත..

ඔව් ඉතින්..මේකි දන්නව ඇතිනේ කාමරෙන් එලියට එන්න නොදී හිරකරන් හිටියේ මම කියලා..

හැබැයි ඉතින් ඒකිගේ කෑගැහිල්ල මගේ බල්ලවත් ගනන් ගත්තේ නැහැ..ඒ වෙනුවට මගේ මුහුනෙ තිබ්බේ හරිම බෝරින් පෙනුමක්..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Donde viven las historias. Descúbrelo ahora