Chapter 22

628 150 43
                                    

රෑ 12යි

හැමෝම තද නින්දක හිටියත් ටේයොන් තාමත් ඇහැරලා බැල්කනි එකේ කෙලවරේ සිගරට් එකක් බොන ගමන් වටපිටාවේ තිබ්බ තිත්ත කළුවර දිහා බලාගෙන හිටියා. හමාගෙන යන සීතල හුළග ටේයොන්ගෙ නිරුවත් උඩුකය හරහා හමාගෙන ගියා.

කිසිම සද්දයක් ඇහෙන්නවත් තිබ්බේ නෑ. ඉදලා හිටලා පාරේ යන වාහනය සද්දයක් ඇරෙන්න කිසිම සද්දයක් නෑ. අහසෙත් තරු එකදෙක විතරක් පායලා තිබ්බේ හද නැති පාලුව මකන්න වගේ. ඒත් හදක් නැති අහසක තනිය මකන්න තරුවකට පුළුවන්ද?

කොහෙත්ම බෑ~

එකපාරට ටේයොන්ගේ ඇස් වලින් කදුලක් ගලාගෙන බිමට වැටුනම ටේයෝන් ටග්ගාලා ඒක අතින් පිහිදගෙන ඔලුව බිමට බර කරගත්තා. ජන්කුක්ගේ හිනාව, කටහඩ ඇහෙනවා වගේ ඔලුව ඇතුළෙන්ම දැනුනම ටේයොන් දත්මිටි කාගෙන සිගරට් එක බිමට විසික් කරා. ඔලුවේ පැත්තක්ම ගල්වෙලා බරවෙලා රිදෙන්න ගත්තම ටේයොන් එතනම බිම වාඩිවෙලා වැටට ඔලුව හේත්තු කරගත්තා.

'හ්‍යුන් පුළුවන් කාලයක් ඉන්නවා බේබි!...'
ටේයොන්ට ඒ වචනේ ඔලුව ඇතුළෙන් ඇහුනම ටේයොන් හිනාවුනා. හයියෙන් මහා හයියෙන් හිනාවෙලා එකපාරට අඩන්න ගත්තා. ශක්තිමත් පිරිමියෙක් අඩන්නේ නෑ කිව්වට එයාලත් මිනිස්සු! අඩන්න වෙනවා දුකක් දැනුනම~

'liar!!!!  f*cking liar!!!!'
ටේයොන් එයාගේ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන හයියෙන් කෑගැහුවා. කවුරුත් එයාට ඇහුම්කන් දෙන්න හිටියේ නෑ. ජීවිතේ ගොඩක් දේවල් පස්සෙන් දුවලා දුවලා දුවලා ටේයොන්ට දැන් ගොඩක් මහන්සි. වැඩකට නැති දේවල් ගොඩාක් පස්සේ දුවලා ටේයොන්ට දැන් හිතෙන්නේ නවතින්න!

ඒත් ලස්සන නිමාවක් ඇතිය කියලා හිතන මේ ගමනේ අවසානයක් දකින්නේ නැතුව ටේයොන්ට නවතින්න හිත දෙන්නෙත් නෑ. ටේයොන්ට ඔනේ උනා මේ ජීවිතේ විදින්න විදවන්නේ නැතුව~ සමහරවිට හෙට මැරිලාගියත් අද එයා ජීවත් වෙලා ලස්සනට... ඉතින් දුකක් පසුතැවීමක් නෑ~

වර්තමානය ලස්සනට විදින මිනිස්සුනේ අනාගතේ කිසිම දුකක් නෑ. ඒකයි වෙනස~  අනාගතය වෙනුවෙන් වර්තමානය අතහැරීමද, අතීතය වෙනුවෙන් වර්තමානය කා දැමීමත් ලොකු මෝඩකමක්! ජීවිතේ විදවන මිනිස්සු වේදනා විදින්නේ ඒනිසයි.

BOYFRIEND HYUNG | V.k Where stories live. Discover now