🍃 01 Chapter 🍃

486 90 45
                                    

You are the best thing I got.. and you are always the only one...

.........................................................................

" චිමී... දෙයියනෙ දැක්ක කල්"

අවුරුදු ගානකට පස්සෙ සුපුරුදු විදිහට ඒ ලොකුම ලොකු අත් දෙක ඇවිදින් මාව ඒ ඇතුලට අරගෙන තුරුලු කර ගන්නකොට එක පාරටම වෙච්චි දේ හිතා ගන්න බැරි උනු මම පුදුම උනාත් ඒ ඇසිල්ලෙන් හදවත සතුටින් ඉපිලිලා ගියා...

" ඔයා නම් තාමත් හිටපු විදිහමයි චිමී.. මන් හිතුවා දැන්වත් ටිකක් උස ගිහින් ඇති කියලා."

" ඔයත් හිටපු විදිහමයි."

නිල් පාට ඩෙනිමට අලුපාට ටීෂර්ට් එකක් ඇදලා ඊට උඩින් කලුකෝට් එකක් දාලා හිටපු එයාගේ තිබුනේ එදා  වගේම කඩවසම් බවක්.. මේ ගෙවුන අවුරුදු විස්සටම එයා ටිකක්වත් වෙනස් වෙලා නෑ කියන්න එක බැල්මෙන් තේරෙනකොට එයාගෙ පෙනුම ටිකක් විතර වෙනස් වෙලා තිබුනේ ඒ ඇස් වටේට තිබුන රවුම් බෝල කන්නාඩිය නිසා.

" ඔයා කඩවසම් වෙලා.."

" ඔයා නම් තවත් බෝල වෙලා මගෙ චිමී"

මාව දැක්ක වෙලාවේ ඉදන් ඒ මූනේ තිබුන හිනාව තප්පරෙන් තප්පරේට වැඩි වෙනකොට අවුරුදු ගානකට පස්සෙ දැක්ක ඒ හිනාව මගේ හිතට සැනසීමක් ගෙනාවා.

" එන්නකෝ අපි  වාඩි වෙලා කතා කරමු."

මගේ කම්මුල් දෙපැත්තෙන්ම අල්ලලා නලලට නලලෙන් තට්ටුවක් දාලා මගේ අතෙන් අල්ල ගත්ත එයා ආයෙම මාවත් ඇදගෙන කැෆේ එකේ ටේබල් එකකින් වාඩි වෙනකොටත් මන් කරේ ඒ සතුටෙන් පිරුන මූන දිහා බලාන හිටපු එක. තාමත් එයාගෙ ආසම බීම එක පවා වෙනස් නෝවී තියනකොට මට හිනා  ගියා.. එයා කවදාවත් වෙනස් වෙන කෙනෙක් නෙමෙයි.  එ වගේම එයාට මන් ආසම දේවල් පවා තාමත් මතක තිබුනා.. හැබැයි එයා දැනගෙන හිටියේ නෑ ගෙවුන අවුරුදු ගානට එයාගෙ චිමී ආස දේවල් වෙනස් උනා කියලා.. එයා මට චොකලට් මිල්ක්ෂේක් එකක් ඕඩර් කරනකොට මටත් ඕනි උනේ එයා වගේ බනානා මිල්ක් එකක් බොන්න..

එයා පවුල පිටින්ම ආයෙම කොරියා ඇවිදින් තිබුනේ මීට මාස දෙකකට කලින් .. වයිෆ්ගේ වැඩකට.. තව මාස දෙකකින් එයාලා ආයෙම යන්න යාවී..

Summer Sunset ( Jikook - oneshot ) Completed Where stories live. Discover now