23 ♡

1.4K 221 24
                                    

__________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________________

" මට මගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න අවුරුදු 3 ක් ගෙවිලා යද්දි ඔයා ගොඩක් ලේසියෙන් මාසයක් වෙන්නත් කලින් වෙන කෙනෙක්ගෙ වුනානෙ ටේ .. ඔයාට ඒ තරම්ම ලේසි වුනාද ටේ මාවයි අපෙ ආදරෙයි අමතක කරල දාන්න .."

ජන්කුක් ගෙ වචන වලින් ටේහ්යුන්ග්ටත් අමුතු වේදනාවක් දැනෙන්න ගද්දි වේදනාවෙන් හිනාවුන ටේහ්යුන්ග් ..

" අඩුම ගානේ ඔයා අවුරුදු 3 කින් ඔයාගෙ ජීවිතේ ඉස්සරහට අරගෙන ගිහින් ජන්කුක් .. ඒත් මං .. මට තාමත් බැරි වුනා .. මං තවමත් එකතැන හිර වෙලා .. "

ටේහ්යුන්ග් ගෙ වචන ගොඩක් සන්සුන් වෙද්දි ජන්කුක් ගෙ මූණ රතු වුනේ කේන්තියට ..

" මොකටද හිර වුනේ .. ?! පළිගන්නද .. !! මට රිද්දන්න ද .. !! ඒත් සමාවෙන්න Mr. Kim Taehyung .. ඔයාට ඒක කරන්න බැරි වෙයි .. තවදුරටත් මට වේදනාවක් දැනෙන එකක් නැහැ .. දැන් මට තමුන් ගැන තියෙන්නෙ වෛරයක් විතරයි .. ඒ නිසා තමුන්ගෙ ඔය සැලසුම් වලින් වැඩක් නැති වෙයි .. මේ පාර මගේ හ්යුන්ග්ලා තමුන්ව එහෙම ලේසියෙන් අතාරින එකක් නෑ .. තමුන්ට හිතාගන්නවත් බෑ ඊයෙ රෑ ගැන එයාලා දැන ගත්තොත් තමුන්ට මොනවා කරයිද කියලා .."

ජන්කුක් කේන්තියෙන් කෑ ගහද්දි ජන්කුක් දිහාම බලාගෙන හිටිය ටේහ්යුන්ග් ජන්කුක් ගෙ කතාව අවසානයේ මහ හඩින් හිනාවුනේ හරියට පිස්සෙක් වගේ ..

" හියුග්ලා .. !!! අනේහ් .. !! බබා ඇයි ඔයා අර ෆයිල් එක චෙක් කරලා එයාලට මේ නිව්ස් එක ගැන කියන්නෙ නැත්තෙ .. ම්ම් .."

හයියෙන් හිනාවුන ටේහ්යුන්ග් අවසානයෙ ඔහුගෙ හිනාව පාලනය කරගෙන බොහොම අහිංසක විදියට ජන්කුක්ට කියද්දි , ව්‍යාකූල වුන ජන්කුක් ඒ file එක අතට අරගෙන කියවන්න ගත්තා ..

.

.

.

.

[ Meanwhile the other side ]

~~ At Park Mansion ~~

BANG !!

BANG !!

BANG !!

: PARK BOGUM ..!! අරිනවා මේ දොර .. !!

Park Mansion එකේ උළු ටික උඩයන්න තරම් සද්ධෙන් මේ කෑ ගහන්නෙ කව්ද කියල බැලුවද .. වෙන කව්ද ඉතින් මෝචි බෝලෙ තමයි .. ජිමින් හිටියෙ බෝගම්ගෙ කාමරේ දොර ඉස්සරහ .. දොරට තඩි බාන ගමන් මේ විදියට ජිමින් කෑ ගහන්නෙ , වෙලාව 8. 00 පහුවෙලත් තාමත් සුව නින්දෙ ඉන්න බෝගම්ව ඇහැරවන්න ..

" මේ දොර අරිනවා.. !! තමුසෙ තාම නිදිද ඕයි .. !!"

ජිමින් දොර ගැලවිලා යන තරමට හයියෙන් දොරට ගහද්දි නින්දෙ හිටිය බෝගම් බොහොම අමාරුවෙන් පියවෙලා තිබුන ඇස් දෙකෙන් එකක් ඇරලා සද්දෙ ඇහෙන කාමරේ දොර පැත්තට මූණ හරවලා ආයෙම සැරයක් නිදාගන්න හැදුවත් ජිමින් දොරට ගහන එක නවත්තන්නෙ නැති නිසා බොහොම අමාරුවෙන් ජිමින්ටත් බැන බැනම ඇදෙන් නැගිටලා වැනි වැනිම ගිහින් දොර ඇරියා ..

" මොකද ඕයි බෙරිහන් දෙන්නෙ උදේ පාන්දර .. !"

නිදිබර ඇස් වලින් ජිමින් දිහා බලාගෙන බෝගම් අහද්දී ..

" හහ් උදේ පාන්දර .. මරු පාන්දර .. මුලින්ම බලනවා වෙලාව කීයද කියල .. !!" 

ජිමින් බෝගම් ගෙ මූණටම කෑ ගහලා අතේ තිබුන ෆෝන් එකත් බෝගම්ගෙ මූණ ලගටම පෙන්නලා වෙලාව කීයද කියල පෙන්නද්දි , වෙලාව දැකපු බෝගම් ඔලුවත් කසන ගමන් මහ ගොං හිනාවක් දාලා ..

" 9 ත් පහුවෙලා නේ .. ටිකක් වැඩිපුර නින්ද ගිහින් .." 

" ටිකක් .. ! හොද ටික .. ඉක්මනට වොෂ් එකක් දාගෙන එනවා කන්න .. "

එහෙම කියපු ජිමින් යන්න ගියෙ බෝගම් ඔලුවත් කස කසම කාමරේ ඇතුලට යද්දී ..

.

.

.

.

_________________________♡

කෝමද ළමායි..

මේකෙ වචන 450 ක්වත් නෑ .. මං ආවේ දෙයක් කියන්න..

මට හොඳටම සනීප නෑ .. මේ ටික ලියාගත්තෙ ඔයාලට ඒ ගැන කියන්න ඕන නිසා .. 🙂

Update පරක්කු වෙයි .. සනීප වුන ගමන් update දෙන්න පොරොන්දු වෙනවා .. ❤️

තව දෙයක් මාව දකින්න ආස අය ඒම ඉන්නවද .. 👀 කියාගෙන යන්න බලන්න..

පුලුවන් වුනොත් අදම මගේ pic එකක් දානවා .. ඒත් හෙට වෙද්දි delete කරනවා .. 😌

Edit : delete කලා ..🌝



Tk_Nethu
02/ 28

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now