15

1.8K 380 474
                                    

සති ගනන් ගෙවිලා ගියා.

එදා සිද්දිය ජන්ග්කුක් කාටවත් නොකිව්වෙ එයා ඒ සම්බන්ධව කිසිම දෙයක් හරියට නොදැන හිටපු නිසා. ටේහ්‍යුනුත් ඒ ගැන කට නොහෙල්ලුවත් එයා දැන් වෙනදට වඩා ජන්ග්කුක්ගේ ආරක්ෂාව ගැන හොයලා බලනවා කියලා ජන්ග්කුක්ට තේරුනා.

අන්න ඒ නිසා ජන්ග්කුක්ට නිකමට හිතුනා එදා එයාලගෙ ඇඟේ හැප්පුනේ එයාට කරදරයක් කරන අරමුණින් ඉන්න කෙනෙක්දෝ කියලත්. ඒත් කිඳුරට ඒක දැනුනෙ කොහොමද කියන එක ගැන ජන්ග්කුක් පුදුම වුනා.

"සමහරවිට එයාට පවර්ස් තියෙනවද දන්නෑ." ජන්ග්කුක් තනියම හිතුවා.

වෙනසකට තිබුනෙ එච්චරයි. නැත්තන් කිඳුරා නම් පරණ කිඳුරම තමයි. දැන් දැන් ටේහ්‍යුනුත් ජන්ග්කුක් අතරත් තිබුනු බැඳීම ජන්ග්කුක්ගේ පැත්තෙන් ටික ටික ශක්තිමත් වෙමින් තිබුනා. එයා දැන් ඉස්සර වගේ ටේහ්‍යුන්ගෙ වැඩ වදයක් කියලා සැලකුවෙ නෑ, ඒ වෙනුවට එයා හිනා වෙමින් එයාව නිවැරදි කලා. ටේහ්‍යුනුත් ජන්ග්කුක්ගේ වැඩ වලට ගොඩක් උදව් කලා.

හැබැයි ජන්ග්කුක් තාමත් ටේහ්‍යුන් යුනි එන එකට නම් අකමැතියි. මොකද දැන් එන්න එන්න එයා ආශ්‍රය කරන කෙල්ලො ප්‍රමාණය වැඩී වගේම ඒ කෙල්ලන්ගෙන් කිහිප දෙනෙක්ගෙ හැටි ජන්ග්කුක් හොඳටම දන්නවා. ඒ නිසා ජන්ග්කුක් කිඳුරා ගැන හිටියෙ ටිකක් බයෙන්. ඒත් එයාට මේ වෙන දේවල් නවත්තන්න හැකියාවක් තිබුනෙ නෑ.

"එයා ළඟදිම ඔය කෙල්ලො එක්ක හොඳ අඩව්වක් අල්ලයි වගේ." ජන්ග්කුක් තනියම හිතුවා.

හැබැයි ඒ අඩව්ව අදම අල්ලයි කියලා ජන්ග්කුක් කීයටවත් හිතන්නෙ නැතුව ඇති.

අදත් ජන්ග්කුක් වගේම ටේහ්‍යුන් සුපුරුදු පරිදි යුනි එකට ආවා.

ජන්ග්කුක් ලෙක් එකේ ඉන්න අතරේ ටේහ්‍යුන් ගියා අනිත් ළමයි එක්ක රවුම් ගහන්න. ඉන්ටර්වල් එකේදි ජන්ග්කුක් ටේහ්‍යුන්ව හෙව්වත් ප්‍රොෆෙසර්ගෙන් එයා දැනගත්තා ටේහ්‍යුන් උදේ ගිය පාර ආයිත් ආවෙ නෑ කියලා. ජන්ග්කුක් ඇත්තටම ඒකෙන් ගොඩක් බය වුනා. කිඳුරා වෙන ළමයි එක්ක තනිවෙනවා කියන එකම ජන්ග්කුක්ව ගොඩක් භීතියට පත් කලා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now