16

1.8K 366 471
                                    

ඊළඟ දවසෙ උදේ ජන්ග්කුක් එයාගෙ නින්දෙන් ඇහැරෙමින් හිටියා. මූනට වැටෙන හිරු එළියට ඇස් දෙක හුරුකරගත්ත එයා ලොකු හුස්මක් හෙළලා එයාගෙ එහා පැත්ත බැලුවා.

ඒත් එයාගෙ හුස්ම නතර වුනේ එයාගෙ මූන ගාවම තියෙන ටේහ්‍යුන්ගෙ මූන දැකලා. එයාගෙ නහයෙ ගෑවෙන්න ඔන්න මෙන්න තියෙන කිඳුරගෙ කඩවසම් මූන දිහා බලන් හිටිය ජන්ග්කුක් අපහසුවෙන් කෙළ ගිල්ලා.

එයා එයාගෙ බෝල ඇස් එහෙ මෙහෙ යවමින් ටේහ්‍යුන්ගෙ මූනෙ හැම හැඩයක්ම ලක්ෂණයක්ම පරික්ෂා කලා. අන්තිමේදි එයාගෙ ඇස් නැවතුනෙ ටේහ්‍යුන්ගේ තොල් ගාව.

එයාට ක්ෂණිකයෙන් මතක් වුනේ ඊයෙ රෑ සිප ගැනීම. ටේහ්‍යුන්ගේ තොල් එයාගෙ තොල් මතින් චලනය වුන විදිහ, එතකොට දැනුන වින්දනය, පහස එයා මතක් කරගන්න උත්සාහ කලා.

එයා ආසයි ඒ සිප ගැනීමට. පළවෙනි වතාවටයි කෙනෙක් එයාව එහෙම සිපගත්තෙ. ඒ සිපගැනීමෙ ගැබ් වෙලා තිබුනු ආදරයට, සැනසීමට ජන්ග්කුක් ආදරය කරන්න පටන් අරන්.

දැනුත් එයා සිහිය නැතුව බලන් හිටියේ ටේහ්‍යුන්ගේ තොල් දිහා. එයාම නොදැනීම ඒ තොල් වලට හිමින් හිමින් එයාගෙ තොල් ළං කලා.

ඒත් තොල් ගැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ක්ෂණිකයෙන් ඇස් දෙක ලොකු කරගත්ත ජන්ග්කුක් ටේහ්‍යුන්ගෙන් ඈත් වුනා.

"මොන මඟුලක්ද මට මේ වෙලා තියෙන්නෙ." තනියම හිතුව ජන්ග්කුක් දඩිබිඩි ගාලා බ්ලැන්කට් එකත් විසි කරලා ඇඳෙන් නැගිට්ටේ එයා ගැනම කේන්තියෙන්.

ඊළඟට එයා දත් මැදලා මූන හෝදගෙන වොශ් දාලා බාත්රූම් එකෙන් එළියට එද්දිම දොර ඉස්සරහා එයාට විද්‍යාමාන වුනේ වෙන කාවවත් නෙමෙයි දත් තිස් දෙකම පෙන්නගෙන හිනාවෙන කිඳුරව.

ඒත් ජන්ග්කුක් නම් මුලු මූනම රෝස පාට කරගෙන එයාව ගනන් නැතුව ඉක්මනින් ක්ලොසට් එක ගාවට ගියා.

"කෙල්ලෙ ඔයා රෝස පාට වෙද්දි ලස්සනයි. ඒත් ඇයි ඔයා ටේටේව ගනන් ගන්නැත්තෙ." කිව්ව ටේහ්‍යුන් කෙලින්ම ගිහින් ජන්ග්කුක්ව පිටිපස්සෙන් බදාගත්තම ජන්ග්කුක් ක්ෂණිකයෙන් ඈත් වුනේ කිඳුරා මූන හකුළ ගනිද්දි.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now