_______________________________________________________________
|| ... Flashback ... ||
Jimin Pov
මමයි ජන්කුක් යි අපි දෙන්න හොදම යාලුවෝ .. අපි හැමදාම හිටියෙ එකට .. හැමදේම කරෙත් එකටමයි .. මං ගොඩක් කටකාර දග කෙනෙක් වුනත් ජන්කුක් ඒකෙ අනිත් පැත්ත .. ජන්කුක් කියන්නෙ ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක් .. එයා බොහොම ටික දෙනෙක්ට විතරයි විවෘත වුනේ .. අපි 9 වසරේ ඉද්දි , දවසක අපේ Teacher ඇවිත් කිව්වා අද ඉදන් අපිට තව අලුත් යාලුවෙක් එකතු වෙනවා කියලා .. අපේ අලුත් යාලුවගෙ නම Kim Taehyung කියල තමයි Teacher හැමෝටම කිව්වෙ .. ටේහ්යුන්ග් ඒ කාලෙ ගොඩක් හුරුබුහුටි .. පොඩි වයසක් වුනත් ටේහ්යුන්ග් ගොඩක් කඩවසම් ..
අපිට ඇහෙන්න ටේහ්යුන්ග් එයාව අදුන්වල දුන්න .. පස්සෙ Teacher ඉඩ තියෙන තැනක් පෙන්නලා ටේහ්යුන්ග්ට කිව්වා ගිහින් වාඩි වෙන්න කියල .. ටේහ්යුන්ග් Teacher කියපු තැනට නොයා කෙලින්ම ඇවිත් වාඩි වුනේ මායි ජන්කුක් යි හිටපු තැන .. ජන්කුක්ට එහා පැත්තෙන් ..
වාඩි වෙලා විනාඩියක් යන්නත් කලියෙන් ටේහ්යුන්ග් ජන්කුක් ගෙන් ඇහුවා එයාගෙ යාලුවෙක් වෙන්න පුලුවන්ද කියල .. ඉතින් ජන්කුක් ත් වැඩි වෙලා නොගෙන හිනාවෙමින් ටේහ්යුන්ග්ට අතට අත දීලා තමන්ගෙ නමත් කියලා ටේහ්යුන්ග් ගෙ යාලුවෙක් වෙන්න කැමති වුනා .. ජන්කුක් කියන්නෙ ගොඩක් අහිංසක හුරතල් ලමයෙක් ..
එදා ඉඳන් ටේහ්යුන්ග් හිටියෙම ජන්කුක් එක්ක .. හරියට නිකන් දෙන්න ඇලිලා වගේ .. ටේහ්යුන්ග් මාත් එක්කත් හොඳ යාලුවෙක් වුනා .. ඒත් එයා කැමති වුනේ නෑ මම , අනිත් ලමයි ජන්කුක් එක්ක ඉන්නවට .. අනිත් අයගේ ආශ්‍රය ජන්කුක්ට ඕන නෑ වගෙයි ටේහ්යුන්ග් හැසිරුනේ .. අපි ජන්කුක්ට කතා කරත් ටේහ්යුන්ග් ඒකට කැමති නෑ වගේ .. මට ඒක හොඳටම තේරුනා .. ටේහ්යුන්ග්ට ඕන වුනේ එයයි ජන්කුක් යි එකට ඉන්න .. ඒ අතරට කිසිම කෙනෙක් නොඑන්න ..
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fanficජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...