Author's P.O.V
පහුවෙනිද දවල් ජාන් ඇහැරුනේ දරාගන්න බැරි ඔලුව අමාරුවක් එක්ක.. නැගිට්ට ගමන් දැනෙන මරිමෝල් ගතිය යනකන් ඇදේ දිගා වෙලා ජාන් කල්පනා කලේ ඊයේ රෑ මොනවද වුනේ කියලා..
" නැහැ..ඒක වෙන්න බැහැ.. "
අපැහැදිලි මතක අස්සේ හුරුපුරුදු රූපයක් මැවෙනකොට ජාන් ඔලුව බදන් කෑගැහුවේ අවිශ්වාසෙන්..
ක්ලබ් එක ඇතුලේ ඇස් ඉස්සරහට ආව යිබෝ.. මොන මොනවදෝ කියෙව්වා කියලා ජාන්ගේ ඔලුවේ කැරකුනත් එයා හිටියේ ඒ මතකයක් ඇත්තක්ද බොරුවක්ද කියලා හොයාගන්න බැරුව.. මොකද බීපු දවස් වලට වගේම නොබී හොදට නිදාගත්ත දවස් වලටත් අඩුවක් නැතුව ඒ මිනිහ ජාන්ගේ හීන අත්පත් කරගෙන හිටිය.. ලග ඉදන් හිනා වෙන ඒවා..පලු යවනකන් බනින ඒවා වගේම සමහර 18+ හීනත් එක්ක පහුවෙනිද බලනකොට ඇදේම නිදහස් වුන දවසුත් තිබ්බ.. ජාන් හිතුවේ ඊයෙත් ඒ වගේ දවසක් කියලා..
එයා නිදාගෙන හිටියෙත් වෙනදා ටොම් එක්ක ආපු දවස් වල හිටිය විදිහටමයි..ටොම් කොච්චර කොහොම එයාව ගෙදර ගෙනත් දැම්මත් සපත්තු ජැකට් ගලවල යන්න මහන්සි වෙන්නේ නැහැ..ඉන්න විදිහටම ඇදට දාලා යන්න යනව..
" අහ්ර්ර්..ඇයි ඒක මට ඇත්තම වගේ දැනෙන්නේ.. !"
හිතට දැනුන නොරිස්සුමත් එක්කම ඇදෙන් බහින්න ගිය ජාන් ඉන්න තැනම නතර වුනේ එයාගේ මෙට්ටේ උඩ තිබුන ආගන්තුක වස්තුව දැකල..
සුදු පාට බොත්තමක්..
හැබැයි ඒක ඊයේ එයා ඇදන් හිටිය ජැකට් එකේ තිබ්බ එකක් නෙමෙයි කියලා ජාන්ට සීයට දහක ෂුවර් එකක් තිබ්බ.. ටොම් ඇදන් හිටියෙත් ඈෂ් ජැකට් එකක් ඒ නැතත් එයාගේ වෙන ඇදුමක බටන් එකක් මෙතනට එන්න කොහොමටවත් ඉඩක් නැහැ..
ජාන්ගේ මුහුන දරදඩු වුනේ බොත්තමේ අයිතිකාරයා කවුද කියලා තේරුම් ගිය නිසා..
ජාන්ව දාලා යිබෝ එයා නැවතිලා හිටිය හොටෙල් එකට යනකොට පාන්දර දෙකත් පහු වෙලා තිබුන.. වොශ් එකක්වත් නොදා එයා ඇදට වැටුනේ එයාට නිදාගන්න වැඩිම වුනොත් තිබ්බේ පැය තුනක් නිසා.. මොකද පහුවෙනිද උදේම එයාට කැෆේ එකේ පැය දහයක් දොලක් පිගන් හෝදන වැඩේ පටන්ගන්න තිබ්බ..
VOUS LISEZ
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚