27 ♡

1.3K 228 11
                                    

______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________________________________

ජන්කුක්ව මුණ ගැහෙන්න ජන්කුක් ගෙ ගෙදර ආව ජිමින්ව ගොඩක් සතුටින් ජින් නිවසට පිලි ගත්තා .. ජිමින් එක්ක පුංචි කතා බහක යෙදුන ජින් ඊලඟට ජන්කුක්ට කතා කරේ ජිමින්ට බොන්න මොනවහරි අරගෙන එන්න කිචන් එකට යන අතරෙදි ..

ජින් කතා කරනවත් එක්කම පහලට දුවගෙන ආව ජන්කුක් ජිමින්ව වැලද ගත්තෙ ගොඩක් ලොකු සතුටකින් .. ජිමින් එක්ක එක එක දේවල් ජන්කුක් කතා කරේ ජින් ගෙනත් දුන්න රසවත් cool drink එකත් රස බලන ගමන් .. තනියෙන් ටිකක් ජන්කුක් එක්ක කතා කරන්න ඕන කිව්ව ජිමින්වත් එක්කන් ජන්කුක් ගියෙ ගාර්ඩ්න් එකට ..

" ජන්කූ .. ඔයා දන්නවනෙ මං සෝල් අතෑරල තව දවස් දෙකකින් England යනවා කියලා .. ඉතින් ඒ ගියාට පස්සෙ අපි දෙන්නට ආයෙ හම්බ වෙන්න බැරි වෙයි .. , ඉස්සර වගේ හොදම යාලුවො වේදියට කාලෙ ගෙවන්න බැරි වෙයි .. මොකද මං England යන්නෙ ආයෙමත් සෝල් වලට එන බලාපොරොත්තුව හිතෙන් අයින් කරගෙන .."

ජිමින් කියද්දි ජන්කුක් ගොඩක් දුකෙන් ජිමින් දිහා බලාගෙන හිටියා .. ඇත්තටම ජන්කුක්ට ගොඩක් දුකයි .. මොකද ජන්කුක්ට ජිමින් කියන්නෙ තමන්ගෙම සහෝදරයෙක් වගේ .. දැනුම් තේරුම් තියෙන කාලෙ ඉදන්ම ජන්කුක් ජිමින් දෙන්න හිටියෙ එකට .. ඒ එකට හිටිය යාලුව , සහෝදරය අද ඇවිත් කිව්වම ආයෙමත් අපි මුණ ගැහෙන එකක් නෑ කියද්දි ඇත්තටම ඒක ජන්කුක්ට ලොකු දුකක් ..

ජන්කුක් ගෙ දුකෙන් පිරුණ මූණ දිහා බැලුව ජිමිනුත් කණගාටුවෙන් වුනත් හරි ලස්සනට ඒ හීනි ඇස් තවත් හීනි කරල හිනා වෙද්දි ජන්කුක් ගෙ දුකෙන් පිරුණ මූණටත් හිනාවක් ආවා ..

" ජන්කූ .. හැමදාම ටේහ්යුන්ග් එක්ක සතුටින් ඉන්න .. ඒත් .. ඒත් ඔයා පරිස්සම් වෙන්න ජන්කූ .. ටේහ්යුන්ග් පොඩ්ඩක්වත් කැමති නෑ ඔයා වෙන කෙනෙක් ලගින් ආශ්‍රය කරනවට .. එයා ඉක්මනින්ම ඔයාව මැරි කරයි .. ඒක හොඳයි තමයි ඒත් ඇයි මෙච්චර හදිසි .. මං කියන්නෙ අපි Degree එක සම්පූර්ණ කරා විතරයිනෙ .. තව ටික කාලයක් ඔය දෙන්නා තමන් ගැනම අදුන ගත්තොත් හොද නැද්ද .."

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now