10. Jewish Girl

238 60 9
                                    





ඒමි තම හඬ අවසන් කලේ බරැති සුසුමක් වාතලයට මුදාහරිමින්. සෝයිගේ නිල් පැහැති දෑස්වල කඳුලු බිංදු රැදි තිබුනා. තවමත් නින්දේ පසුවන ටේහියෝන් දෙස සෝයි වේදනාවෙන් බලාසිටියා. ටේහියෝන් සිතේ පවතින වේදනාව ගැන සිතන විටත් සෝයිගේ හද ඇදුම්කන් දුන්නා.


" එයා.....ට මැරෙන්න ඕන කිව්වේ..... එයාට රිදෙන නිසා.. වෙන්න ඇති... එයාට හැමදෙයක්ම එපා වෙලා ඇති... "




සෝයිගේ හඬ බිදි ගොස් තිබුනා.




" ඒ..මි... එතකොට.. හේසල්... එයාට මොකද උනේ...? "





" මම දන්න තරමින්.... ලුවිස් මෙලින් මැරැන දවසට පස්සේ දවසේ... හේසල් එයාගේ කාමරේම ගෙල වැලලෙගෙන... "






" එයාව මුලින්ම දැකලා තියන්නෙත්.... ආදිපාදතුමාලු.... "









සෝයිට දැනුනේ ඇගේ හදවත සිරවන බවක්. කතාව ඇසීමෙන් පමණක් තමාට මෙතරම් වේදනාවක් දැනේ නම්.. ටේහියෝන් හට දැනෙන හැඟීම් ගැන සිතාගන්නට සෝයිට අපහසු උනා.






" එයා.... කොහොමද මේවා දරාගෙන ඉන්නේ...... එයාට මොන තරම් දේවල් දැනෙනවා ඇති ද.... අදටත්..."








සෝයි සුසුමක් හෙලමින් පැවසුවා. ටේහියෝන්ගේ අතක් අල්වාගෙන සිටි සෝයි එම හස්තය ලිහිල් කිරීමට ගියත් එකවරම ටේහියෝන්ගේ ග්‍රහණය තම හස්තයට දැනීමෙන් සෝයි පුදුමයෙන් ඔහු දෙස බැලුවා.








" මැරි මැරි ජීවත් වෙන එක කොච්චර ලස්සන ද කියලාද දැනගන්න ඕන..? "








ටේහියෝන්ගේ බිදි ගිය හඬ සෝයිගේ දෙසවන් පුරා රැව්දෙන්නට වුනා. ටේහියෝන්ගේ මළානික දෑස් සෝයිගේ නිල් පැහැ දෑස් වෙතටම යා වී තිබුනා.












_________________________________



පොඩි පොඩි කොටස් තියන්නේ.. ඇ.. :-)

ONE LAST LOVE || KTH || COMPLETEDWhere stories live. Discover now