______________________________________________________________
" Hello baby ... මං ඔයා ගැන හිතුව විතරයි ඔයා මට කතා කළා බේබි .. !"
ජන්කුක් දිහා බලාගෙනම කිව්ව ටේහ්යුන්ග් ගෙ කට කොනේ සුපුරුදු විදිහටම ඒ හිනාව රැදිලා තිබුනා ..
[ Ara - Taehyung's wife ]
" ඇයි ඔයා ඊයෙ ආවෙ නැත්තෙ ටේ .. ? හැමෝම ඔයා එනකන් බලාගෙන හිටියා .."
අරා දුක්මුසු හඩකින් කතා කරද්දි ටේහ්යුන්ග් ගෙ ඇස් ගියෙ ජන්කුක් ලගට ..
" ඇයි ඔයා මං එනකන් බලාගෙන හිටියෙ නැද්ද බේබි .."
ටේහ්යුන්ග් ජන්කුක් දිහාම බලාගෙන අහද්දි ජන්කුක් ගෙ මූණ සුපුරුදු විදිහටම බිමට හැරවිලා තිබුනා ..
" ඔයා මොනවද අහන්නෙ ටේ .. මං මුළු රෑම නිදාගන්නෙත් නැතුව ඔයා එනකන් බලාගෙන හිටියා .. මං ඔයාට කෝල්ස් කොච්චර ගත්තද .. ඒත් ඔයා එකක්වත් ආන්සර් කරේ නෑ .. පස්සෙ මං හිතුවා ඔයා බිසී ඇති කියලා .."
අරාගෙ වචන ඇහෙද්දි Jungkook ට ඕනෑම වුනා ටේහ්යුන්ග් ගෙ උකුල උඩින් නැගිටල ටේහ්යුන්ග් ගෙන් ඈතකට යන්න .. ඒත් ඉතින් ටේහ්යුන්ග් ගෙන් ඒකට මේ පාරත් අවසර ලැබුනෙ නම් නෑ.. තමන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරන ජන්කුක්ගෙ ඉන පෙදෙසින් තදින් අල්ලගත්ත ටේහ්යුන්ග් ජන්කුක්ට තමන්ගෙන් ඈත් වෙන්න ඉඩ දුන්නෙ නෑ ..
" I'm sorry baby .. ඊයෙ මං ටිකක් බිසී වුනා .. ඒකත් වැඩකට නැති දේකට .."
ටේහ්යුන්ග් ගෙන් පිටවුන වචන එක්ක බිමට හැරවිල තිබුන ජන්කුක් ගෙ දුකින් පිරුණ මූණ ටේහ්යුන්ග් ගෙ මූණ දෙසට හැරෙද්දි සමච්චල් සහගත හිනාවක් සමග ජන්කුක් දිහාම ටේහ්යුන්ග් බලාගෙන හිටියා ..
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Fanfictionජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...