31 ♡

1.2K 238 17
                                    

_______________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________________________________________

ඒ එක වචනෙටම එයා මට හොඳ කම්මුල් පාරක් ගැහුවා .. දැන් ආයෙත් එයාම එකඟයිලු .. මොනවද ජන්කුක් ඔයා මේ කියවන්නෙ .. ඇයි ඔයා මගෙ Mansion එකට යන්න මෙච්චර අකමැති .. Mansion එකේ නම ඇහුනත් වෙව්ලන්න තරම් ඔයාට මොනවද වුනේ ජන්කුක් ..?!! .. බැරිවෙලාවත් මට මොනාහරි මග ඇරුනද ..?! .. එදා ඔයා ඒ විදියට පැනල යන්න හේතුව මම තවමත් දන්නෙ නෑ ..? ඔයා කිව්වෙ මගේ වෙඩින් නයිට් එක එයත් එක්ක ගෙවපු එක ඔයාව රිද්දුවා කියලද .. !!! මම වැරැද්දක් කළාද .. ??!!!! මේ හැමදේකටම උත්තර හොයාගන්න නම් මං ඔයාව මැන්ෂන් එකට එක්කගෙන යන්නම ඕන .. !!

එහෙම හිතුව ටේහ්යුන්ග් ඊලඟට කරන්න ගිය දේත් එක්ක මෙච්චර වෙලා අඩ අඩ හිටිය ජන්කුක් ගෙ ඇස් ලොකු වුනා ..

" ඔ..ඔය මොකද කරන්නේ ..?"

" තමුන්ට ඇදුම් මාරු කරගෙන ලෑස්ති වෙන්න බැරි නම් මං ඒක කරන්නම් .."

ජන්කුක් ඇදගෙන හිටිය කමිසය ගලවන්න උත්සාහ කරන ගමන් ටේහ්යුන්ග් කියද්දි , ජන්කුක් ටේහ්යුන්ග්ව තද කරල බදා ගත්තෙ , ටේහ්යුන්ග්වත් පුදුම කරවලා ..

" ප්ලීස් ටේ .. ඔයා කියන ඕනම දෙයක් මං කරන්නම් .. ඒත් ප්ලීස් මාව එතනට ගෙනියන්න එපා ..!!"

ජන්කුක් ගෙ මේ හැසිරීම ටේහ්යුන්ග්ට ලොකු හිසරදයක් වුනා .. ඇයි ජන්කුක් Kim Mansion එකේ නම කිව්වත් මේ තරම්ම බය .. ඇයි මේ තරම් අකමැති .. ඊයෙ හිටිය ජන්කුක් යි දැන් මේ ඉන්න ජන්කුක් යි අතරෙ ලොකු වෙනසක් තියෙනවා .. ඒක ටේහ්යුන්ග්ට තේරුනා .. ටේහ්යුන්ග්ට දැනෙනවා ජන්කුක් කොච්චර බය වෙලාද ඉන්නෙ කියලා .. ඒත් ටේහ්යුන්ග්ට ආපහු හැරෙන්න බෑ .. ටේහ්යුන්ග් ගෙ හිතේ කිසිම පසුතැවිල්ලක් වත් නෑ එයා කරපු දේ ගැන ..

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now