Author's P.O.V
" මම මෙහෙන් යනව බන්.."
උදේ පාන්දරම හොයන් ඇවිත් ඩෙවෝන්ගේ නින්ද කඩපු යිබෝ කියවන්නේ මොනවා ගැනද කියලවත් ඩෙවෝන්ට හරි සිහියක් තිබ්බේ නැහැ..
ජාන්ගේ කැෆේ එකෙන් පිට වෙලා යිබෝ කෙලින්ම ආවේ ඩෙවෝන්ලගේ ගෙදරට..එයාට අද රෑම මෙහෙන් යන්න ඕන වුනා.. ඒකයි දැන්ම ඩෙවෝන්ටයි එයාගේ හස්බන් ජේක්ටයි යන්න කලින් කියලා යන්න ආවේ..
" ඒ පාර මොකද.. "
" එයා මට යන්න කිව්ව.. එයාගේ ජීවිතෙන්ම ආයේ නොඑන්නම.."
" දැන් උබම නේද ජාන්ව යාලුකරගෙන මිසක් මෙහෙන් යන්නේ නැහැ කිව්වේ.."
ජේක් බොන්න මොනවහරි හදන් එන්න නැගිටලා යනකොට මෙච්චර වෙලා ජේක්ට හේත්තුවක් දාන් උන්න ඩෙවෝන් කෙලින් වුනේ ඈනුමකුත් ඇරලා ඇගේ ඈලි මැලි කඩන ගමන්..
ඉතින් යිබෝ පාන්දර වුන දේ අකුරක් නෑර කියනකොට ඩෙවෝන් සද්ද නොකර කියන දේ අහන් හිටිය..
" ඉතින් දැන් උබ ඌ කියන දේ අහනව.."
" මම පොරොන්දු බර ගානක් කැඩුව එකෙක් බන්.. මේකත් කඩලා දාලා මෙහේ ඉන්නව කියන්නෙ ජාන්ගේ හිතේ කොහොමවත් මං ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ කියන එක.."
" එතකොට උබ ගියැයි කියලා ඌ උබ ගැන විශ්වාස කරයිද.. ඌ අන්තිමට ' අනේ යිබෝ මට ඔයාව විශ්වාසයි.. ආයේ එන්නකූ..' අඩයි කියලද..අනේ මගෙන් කුණුහර්ප නාහා හිටන්.. "
" උබට තේරෙන්නේ නැහැ බන් මගේ තත්වෙ.. ජාන් මට කිව්වේ නියගලත් එක්ක සීනි කන්න නැත්තම් මඤ්ඤොක්කා එක්ක ඉගුරු කන්න වගේ තීරණ දෙකක් බන්.. කෝක කලත් වෙන්නේ මැරෙන එක.!"
යිබෝ මේ වතාවේ කතා කලේ ටිකක් උස් හඩින්.. ඇත්තටම එයා හිටියේ මොකද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව.. ඔලුව ඇතුලේ ඕනවටත් වඩා දේවල් කැරකුනත් ප්‍රශ්නෙට ඕන උත්තරේ ඒ අතරේ තිබ්බේ නැහැ..
" මම යනව බන්.. එයාව අතහැරලා නෙමෙයි.. එයාට ආදරේ වැඩි හින්ද.. ආදරේ කරනකොට ලගම ඉන්න ඕන කියලා දෙයක් නැහැ නේ.. එයා ලොකේ කොතන හරි මම නැතුව හරි සතුටින් ඉන්නයි ඕන.. මට පුලුවන් දුර ඉදන් ආදරේ කරන්න.. "
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚